SafeZone Clinic
03/02/2026
මීළඟ වතාවේ ඔබ HIV පරීක්‍ෂණයක් කිරීමට යෑමට පෙර මේ ගැනත් දැනුවත් වන්න.
යම් ආසාදන කාරකයක් (HIV වෛරසය වැනි) සිරුරට ඇතුළු වූ මොහොතේ සිට එය පරීක්‍ෂණයකට හසු කරගත හැකි මට්ටමට වර්ධනය වීමට යම් කාලයක් ගත වේ. මෙය "Window Period" ( පරීක්ෂණ කවුළු සමය) ලෙස හැඳින්වේ.
ඔබ සිදුකරන පරීක්ෂණ වර්ගය අනුව මෙම කවුළු සමය වෙනස් වේ:
NAAT (Nucleic Acid Test): දින 10 - 33
Antigen/Antibody Lab Test (ELISA) : දින 18 - 45
Rapid Antigen/Antibody Test: දින 18 - 90
Antibody Test: දින 23 - 90
යම් අවදානම් හැසිරීමකින් පසු, වඩාත් නිවැරදි පරීක්ෂණයක් සඳහා සුදුසුම කාලය කුමක්දැයි වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo