Dream Zone Cosmetics
27/11/2025
ඔබේ සම Glow කරන්න තියෙන ලේසිම රහස! ✨
ඔයාලත් නිකන් බලන් ඉන්නෙ නැතුව මේක try කරලා බලන්න👇
යාලුවනේ, ලොකු Skincare routine එකක් කරන්න කම්මැලි අය ඉන්නවද? මමත් එහෙමයි! 😂
ඒ හින්දා තමයි මම මේ සුපිරි පහසු 3-පියවර routine එකට මාරම ආස. මේක විනාඩි 5න් ඉවරයි!
1. 🧼 මුලින්ම හෝදමු (Cleanse): දවසෙම මූණේ තියෙන ඔක්කොම කුණු, තෙල් ගතිය, දූවිලි ටික හෝදලා දාන්න ඕනෙ. නැත්නම් තමයි කුරුලෑ එන්නේ. හොද ක්ලෙන්සර් එකක් අරන් හොඳට මසාජ් කරන්න.
2.💧 ඊළඟට තෙතමනය: හේදුවාම සම ටිකක් dry වෙනවා. ඒකට තමා අපි Moisturizer ගාන්නේ. එතකොට මූණ මාරම Fresh! මේක ගානකොට, මූණටයි බෙල්ලටයි දෙකටම ගාන්න ඕනේ!
3.☀️ අව්වට යන්න බෑ (Sunscreen):මේක තමා Game Changer එක! අව්වෙන් තමයි ලප එන්නෙ, සම කළු වෙන්නෙ. මේක නැතිව එළියට යන්න එපාම එපා! 🙅♀️ පොඩ්ඩක් වැඩියෙන් ගාන්න!
මේක ඔයාලටත් ට්‍රයි කරන්න පුළුවන්. දවස් 7ක් කරලා වෙනස බලන්න! 👀
ඔයාලා use කරන products මොනවද පහලින් comment කරන්න? 👇
25/11/2025
🥕🍊✨ සමේ සුන්දරත්වය වඩන සුපිරි පානය 🍹
සම ඇතුළතින්ම පැහැපත් වෙන රහස ඔබේ මුළුතැන්ගෙයි! 🤫
ප්‍රතිඔක්සිකාරක (Antioxidants) සහ විටමින් වලින් පිරිලා, සමේ සෛල අලුත් කරන, තරුණ පෙනුමක් ලබා දෙන මේ කැරට්, දොඩම්, ඉඟුරු පානය අදම හදාගෙන බලන්න! 🧡
📝 අවශ්‍ය ද්‍රව්‍ය
🥕 කැරට් - 1 (මධ්‍යම ප්‍රමාණයේ)
🍊 දොඩම් - 1
🫚 නැවුම් ඉඟුරු - අඟල් 1/2 ක පමණ කැබැල්ලක්
🪵 කුරුඳු කුඩු - තේ හැන්දක 1/4 ක්
🥥 වතුර/ පොල් වතුර - 1/2 කෝප්පයක්
🍯 මී පැණි - තේ හැන්දක් (අවශ්‍ය නම්)
👩🍳 සාදාගන්නා ආකාරය (How to Prepare)
👉🏻කැරට් හා ඉඟුරු පොතු හැර කැබලි කර ගන්න. දොඩම් බීජ ඉවත් කරන්න.
👉🏻ඒ සියල්ල කුරුඳු කුඩු සහ වතුර/පොල් වතුර සමඟ බ්ලෙන්ඩරයට දමන්න.
👉🏻සිනිඳු වන තුරු හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
👉🏻නොපෙරා වහාම පානය කරන්න. (තන්තු නිසා සමට වඩාත් හොඳයි!)
👉🏻පොල් වතුර එකතු කළොත් රසය වැඩි වී විද්‍යුත් විච්ඡේදක (electrolytes) ලැබීමෙන් සමට අමතර පෝෂණයක් ලැබේ.
☀️ හොඳම ප්‍රතිඵල සඳහා:
සෑම උදෑසනකම හිස් බඩ පානය කරන්න. දින 7ක් ඇතුළත ඔබේ සමට දැනෙන වෙනස අපිට කියන්න! 👇
Click here to claim your Sponsored Listing.