Elite Lanka Engineering

Elite Lanka Engineering

Share

Elite Lanka Engineering 31/05/2025

You can also follow on Instagram to see more.

Elite Lanka Engineering

31/05/2025

GSM Security Systems
ඔබ නිවසේ නොමැතිවෙලාවට ඔබගේ නිවසට කවුරුන් හෝ පැමිණියහොත් ඔබ දැනගන්නේ කෙසේද ???

මෙයට හොදම විසදුම GSM Security Systems (4g and Wifi GSM Model දෙකම ලබා ගත හැක 🫵)
ඔබගේ නිවසට කවුරුන් හෝ පැමිණිය හොත් මෙමගින් ඔබගේ ජංගම දුරකතනයට SMS පණිවිඩයක් ගෙන්වා ගැනීමට හැකිය.

මෙමගින් ඔබේ නිවසට , Office එකට වගේම Shop එකට යම් කිසි කෙනෙකුගේ අනවසර ඇතුළුවීම් එසැනින් ඔබගේ දුරකතනයට SMS පණිවිඩයක් මගින් ගෙන්වා ගැනීමට හැකිය.

ඔබ කොහේ සිටියත් පණිවුඩ සේවාව එසැනින් ඔබ හට දැනගැනීමේ හැකියාව ඇත.

මෙමගින් ඔබට පහත සේවා ලබාගත හැක.

1. දුරස්ථ ස්ථානයක අනවසර ඇතුළුවීම් දැනගැනීම.

2. ඔබ නිවසේ නොමැති අවස්ථාවක කවුරුන් හෝ නිවසට ඇතුළු වුව හොත් එය දැනගැනීමේ හැකියාව.

3. අවශ්‍යතාව අනුව ඔබට මෙම උපකරණය පාලනය කිරීමට හැකිවීම.

4. ඔබට අවශ්‍ය නම් ඔබගේ ඔබගේ දුරකතනයෙන් SMS යවා අනතුරු සංඥාවක් නිකුත් කිරීමේ හැකියාව.

5. අවශ්‍ය නම් Email මගින් Security Alerts ලබාගැනීමේ හැකියාව හැකියාවද ලබාගත හැක.

6. හොරුත් බය වෙන විදිහට විශාල Alarm ශබ්දයක් එක්ක ඔබේ දුරකතනය සමග තවත් දුරකතන අංක වලට Call එකක් යනව වගේම Message Notification එකක් ලබා දෙනවා

මේ සමග පහත උපාංග සම්බන්ද කිරීමෙන් නිවසේ ආරක්ෂාව 100%ක් තහවුරු කරගන්න පුලුවන්. ඔයාට තියෙන්නෙ ගෙදරි එලියට යනකොට සිස්ටම් එක Armed කරල යන්න විතරයි. ඒකට මේ සිස්ටම් එක සමග කුඩා remote 2ක් ලැබෙනවා.

✅ Door Sensor
✅ PIR Motion Sensor
✅ Beem Sensor
✅ Smoke Sensor
✅ Solar Siren

ඔබගේ ඕනෑම තාක්ෂණික ප්‍රශ්නයක් සදහා ඇති නවීන තාක්ෂණික විසදුම් අපගෙන් Elite Lanka Engineering

30/05/2025

හදිසි අවස්ථාවකදී ඔබගේ නිවසේ ඇති Protection Devices පහසුවෙන් විසන්ධි කිරීමට හැකිවන පරිදි ඔබගේ නිවසේ ගෘහ හාණ්ඩ සහ උපකරණ ස්ථානගත කරන්න.

10/02/2025

වැඩි වන සූර්ය බලය හමුවේ පද්ධති පාලනයේ අනාගතය ?

සූර්ය බලශක්තියෙන් ඉහළ ප්‍රතිශතයක් ඇති රටවල් සූර්ය බලශක්තියේ කඩින් කඩ ස්වභාවය (intermittent nature) හේතුවෙන් ඔවුන්ගේ විදුලි පද්ධති කළමනාකරණය කිරීමේදී පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දෙමින් සිටී.

පුරෝකථනය කිරීමේ අවශ්‍යතාවය

ලංකාවේ මේවන විට සූර්ය බලාගාර 1,600 MW කට වඩා වැඩි ප්‍රමාණයක් තිබේ. එක් වරම ලංකාවම හෝ විශාල ප්‍රදේශයක් වළාකුළු වලින් වැසී ගියොත් සැලකිය යුතු විදුලි ධාරිතාවක් කෙටි කාලයක් ඇතුළත පද්ධතියට අහිමි වී යයි. එවැනි අවස්ථා වලදී දැනට ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානයට කළ හැක්කේ කුමක් ද?

A. ජල විදුලි බලාගාර වල ධාරිතාව ක්ෂණිකව වැඩි කිරීම
B. තෙල් විදුලි බලාගාර වල ධාරිතාව ක්ෂණිකව වැඩි කිරීම

නමුත් ජල විදුලිය ජනනය වැඩි කිරීමට විවිධ සීමා තිබේ. ජලාශවල පවතින ධාරිතාව, බීමට ජලය සැපයීම, වාරි ජලය සැපයීම ප්‍රමුඛත්වයේ තිබීම වැනි කාරණා ය.

එය ප්‍රමාණවත් නොවන විට දී තෙල් බලාගාර ක්‍රියාත්මක කළ යුතු ය. නමුත් හදිසියේ තෙල් බලාගාර පණ ගැන්වීම කළ හැකි නොවේ. එයට පැය කිහිපයක් ගත වේ. ඒ අනුව පද්ධති පාලන අංශය අවධානම අඩු කර ගැනීමට නම් කලින්ම තෙල් බලාගාර පණ ගන්වා තබා ගත යුතු ය. එය වියදම් අධික ක්‍රියාමාර්ගයක් බව පැහැදිලි ය.

නැතිනම් දියුණු තාක්ෂණික ක්‍රමවේද මඟින් ලැබීමට නියමිත සූර්ය බලය පුරෝකථනය කළ යුතු ය. එමඟින් තෙල් බලාගාර පණගන්වනවා ද නැත් ද යන්න පෙර දිනයේ නිවැරදිව තීරණය කළ හැකි ය. ලැබීමට නියමිත සූර්ය බලය පුරෝකථනය කිරීමේ දියුණු ක්‍රමවේද ගණනාවක් ලෝකයේ පවතී (පළමු කොමෙන්ටුව බලන්න). ඉදිරියේ දී මෙවැනි සුදුසු තාක්ෂණයන් අත්පත් කර ගැනීමට අපට ද සිදුවනු ඇත.

සූර්ය බලාගාර වැඩි වැඩියෙන් පද්ධතියට එකතු වන විට මධ්‍යහ්නයේ දී පද්ධතියේ සමතුළිතතාවයට හානිකර මට්ටමට සූර්ය විදුලිය ලැබිය හැකි ය.

මෙහි දී කළ හැකි දෙයක් නම් දිවා කාලයේ විදුලිය සපයනවා වෙනුවට විදුලිය වැඩි පුර අවශ්‍ය සැන්දෑ කාලයේ විදුලිය සැපයීමට සූර්ය බලාගාර හිමියන් පෙළඹවීමයි. එය කිරීමට නම් සූර්ය බාලාගාර හිමියන් බැටරි පද්ධති සවි කළ යුතු අතර time_of_use (ToU ) tariff ක්‍රමවේදයක් හරහා සැන්දෑ කාලයේ සපයන විදුලියට ඉහළ ආකර්ෂණීය මිලක් ලබා දිය යුතු ය. දැනට ඕස්ට්‍රේලියාව, ඇ.එ. ජනපදය, ජර්මනිය වැටි රටවල එවැනි ක්‍රමයන් ක්‍රියාත්මක වෙයි. ඕස්ට්‍රේලියාව දිවාකාලයේ සූර්ය බලාගාර වලට ගෙවන මිල 2025 වසරේ සැලකිය යුතු ලෙස අඩු කිරීමට නියමිත ය.

තවත් ක්‍රමයක් නම් මධ්‍යගත විශාල බැටරි පද්ධතියට සම්බන්ධ කිරීම යි. Grid Scale Battery Storage System (BESS) යනුවෙන් හැඳින්වෙන්නේ මෙම ක්‍රමවේදයයි. ලංවිම ද 2025 වසරේ 5 MW/10 MWh පද්ධතියක් සහ 2026 වසරේ 100MW / 50 MWh ක බැටරි පද්ධතියක් එකතු කිරීමට ක්‍රියාත්මක වෙමින් තිබේ. බැටරි පද්ධති සඳහා පසුගිය වසරේ ඉන්දියාවේ SECI ආයතනය ටෙන්ඩර් කැඳවූ විට ලද මිල ගණන් අනුව (~ LKR 12.00 / kWh පමණ (Solar tender for 1200MW with BESS 600MW /1200MWh)) ඉදිරි කාල‌යේ බැටරි පද්ධති වල මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ යනු ඇති බවට සිතිය හැකි ය.

තවත් ක්‍රමයක් නම් Pump Storage Systems ක්‍රමය මඟින් දිවා කාලයේ වැඩිපුර විදුලිය නිපදවන විට ජලය ජලාශයකට පොම්ප කර සැන්දෑ කාලයේ සාමාන්‍ය ජල විදුලි බලාගාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමයි. ලංවිම 2034 වසරේ දී එවැනි 600 MW ක Pump Storage System එකක් පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර ඇත. සමහර විට එය ඊට පෙර ඉදිකිරීමට තත්වයන් විසින් බලකෙරෙනු ඇත. නමුත් මෙවැනි බලාගාර ඉදිකිරීමට විශාල කාලයක් අවශ්‍ය ය.

තවත් ක්‍රමයක් නම් අසල්වැසි රටවල් සමඟ විදුලිබල පද්ධතිය සම්බන්ධ කිරීමයි. ඒ තුළින් දිවා කාලයේ නිපදවන අතිරික්ත සූර්ය විදුලිය විකිණීමට හැකිවීමත් පද්ධතියේ සමතුළිතතාවය පවත්වා ගැනීමටත් හැකි වෙයි. උදාහරණය ලෙස ස්පාඥය සහ මොරොක්කෝව, ජර්මනිය සහ ඩෙන්මාකය, එක්සත් රාජධානිය සහ ඩෙන්මාකය යන රටවල් අතර ඇති සම්ප්‍රේෂණ සම්බන්ධතාවන් දැක්විය හැකි ය. ශ්‍රී ලංකාවද ඉන්දියාව සමඟ එවැනි විදුලි සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් (grid interconnection) ඇති කර ගැනීමට මූලික එකඟතාවයක් ඇති කර ගෙන තිබේ. ඒ පිළිබඳ ශඛ්‍යතා අධ්‍යනයන් ද පෙර දී සිදුකෙරිණි.

ප්‍රස්තාරයේ දැක්වෙන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ 2022 වසරේ දිනක පද්ධතියේ ඉල්ලුම 100 MW ක් දක්වා අඩු වී ඇති අවස්ථාවකි. සෘණ ධාරිතාවෙන් පෙන්වන්නේ වෙනත් ප්‍රාන්ත රාජ්‍යයන්ට විදුලිය අපනයනය කරන ධාරිතාවයි. විදුලිය අපනයනය කිරීම ඇතුළු ක්‍රම ගණනාවක් මඟින් මෙහිදී විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය ආරක්ෂා කර ගනී.

මීට අමතරව පද්ධතියේ සීමිත වර්ග කීපයක විදුලි මූලාශ්‍ර වෙනුවට හොඳ විදුලි මූලාශ්‍ර මිශ්‍රණයක් පවත්වා ගැනීම, සම්ප්‍රේෂණ පද්ධතිය දියුණ කිරීම හා Smart Grid තාක්ෂණයන් ඇති කර ගැනීම තුළින් පද්ධති පාලනය පහසු කර ගත හැකි ය. Smart Meter මඟින් පාරිභෝගික හැසිරීම සහ සම්බන්ධ වී ඇති සූර්යබලාගාර වල තත්කාලීන දත්ත (real-time data) ලැබෙන නිසා පද්ධති පාලනය වඩාත් පහසු වෙයි.

උදාහරණයකට බටහිර ඕස්ට්‍රේලියාවේ හදිසි අවස්ථාවකදී සූර්ය බලාගාර පද්ධතියෙන් ඉවත් කිරීමට අවශ්‍ය remote switching හැකියාව ඇති කර ගැනීමෙන් පද්ධතියේ සමතුළිතතාවය තහවුරු කර තිබේ.

මේ කුමන ක්‍රියාමාර්ගය ගත්ත ද ඊට අමතර මුදල් ද අවශ්‍ය වන බව නොකිව මනා ය. ඒ නිසා සූර්ය විදුලිය මිල දී ගැනීමේ දී ගත හැකි අවම මිලට ගැනීම සඳහා තරඟකාරීව ටෙන්ඩර් ඔස්සේ මිල දී ගැනීම තුළින් ඉහත කී තාක්ෂණයන්ට මහජනයාට බරක් නොවන පරිදි අපට ද ගමන් කළ හැකි වනු ඇත.

Copied

Want your business to be the top-listed Engineering Company in Galle?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Website

Address

Galle