SUGAA
13/04/2026
🙏❤️🎼
RIP ASHA JI..WE WILL MISS YOU😔
07/04/2026
ප්‍රශ්නය 👉 විජය කුමාරතුංග ඔබේ පියාට හුගාක් උදව් කරලා තියෙනවා ..
ඒක මතක් කරන්නම ඕනේ. මම මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයට එද්දී බේරුවල ඉඳලා, මට මොකක් හරි අවශ්‍යතාවකට ආෆ්ටර් ස්කුල් ඉන්න වෙනවා. එතකොට තාත්තා කරන්නේ, මට ඒක කියන්නේ නැහැ. එයා කරන්නේ තාත්තා අතේ තියෙන එක මට ලන්ච් එක ගන්න දීලා, එතකොට විජය කුමාරතුංග මහතා හිටියේ කින්සි රෝඩ් එකේ කියලා තමයි තාත්තා කියන්නේ. තාත්තා එතනට පයින් ගිහින් තියෙනවා. එතනට ගියාට පස්සේ ගොඩක් අය එතන වාඩිවෙලා ඉන්නවලු. ඉස්සර ඔය ක්ලැන්ඩර් සංස්කෘතියක් තිබුණානේ. විජය කුමාරතුංග මහතා ඉන්න ක්ලැන්ඩර් එකක් සාලයේ තියෙනවා නම් ඒක පට්ට. චිත්‍රපටවල ඇග්‍රිමන්ට් සයින් කරන්න නිෂ්පාදකවරු ඇවිත් ඉන්නවා. පත්තර වාර්තාකරුවන් ඇවිත් ඉන්නවා. දේශපාලන වශයෙන් ඉන්න මිතුරන් ඇවිත් ඉන්නවා.
තාත්තා ගිහින් තාත්තාගේ පුටුවේ වැඩිවෙලා පත්තරයක් බලන් ඉන්නවා. විජය කුමාරතුංග මහතත්යාගේ සෙන්ස් එක කොහොමද කියන්නේ, අනේ චුට්ටක් ඉන්න කියාගෙන එහෙට මෙහෙට යන ගමන්, තාත්තා පත්තරය බලාගෙන ඉන්නකොට එක පාරටම ඔඩොක්කුවට මොකක් හරි වැටෙනවා. බලද්දී රුපියල් 500 නෝට්ටුවක්. විජය කුමාරතුංග මහතත්යා නැතිවෙන්නේත් 1988දිනේ. ඊට අවුරුද්දකට දෙකකට කලින් මම කියන්නේ.
ඇයි එහෙම වෙන්නේ. දැන් කියන්න බැරිද ? මම ඇතුලේ පොඩ්ඩක් කාර්යබහුලයි කියන්න. ඉස්සරහ වින්සන්ට් වාස් ඇවිත් ඉන්නවා. මේක ගිහින් එයාට දෙන්න කියන්න. මම කැමතිම දේ තමයි දකුණු අතින් දෙන දේ වමතටවත් නොදැනෙන්න දෙන්න. ඒක හරි ශ්‍රේෂ්ට උදාර ගතිගුණයක්. එහෙම කෙනෙක් විජය. තාත්තා එක්ක තිබුණු සම්බන්ධය.
ප්‍රශ්නය 👉 විජය නැති වුණු වෙලාවේ ඒක තාත්තට දරා ගන්න අමාරු වුණා නේද?
ගොඩක් අමාරු වුණා. එයා නොකා නොබී හිටියා. තාත්තා අඩනවා මම දැක්කේ පලවෙනි වතාවට ඒ අවස්ථාවේ දී.
චින්තක වාස්
අපේ සිනමාව සමග කළ සංවාදය පළවෙනි කමෙන්ට් එකේ 👇🏻
Click here to claim your Sponsored Listing.