Need Tv
18/02/2026
"යුද්ධය දිනන්නේ යුද පිටියේදී නොව සැලසුම තනන තැනදීය"💪
12/02/2026
වකුගඩු වල ගල් යනු මොනවාද ?
ඒවා වළක්වා ගැනීමට ගතයුතු ආහාර මොනවාද?
වකුගඩු වල ගල් (kidney stones/ renal calculi/ nephrolithiasis) කියන්නෙ අපි බොහෝ දෙනෙක්ට අහල පුරුදු සෞඛ්‍ය ගැටළුවක්.
ඉතිං වකුගඩු වල ගල් කියල හඳුන්වන්නෙ මොනවගේ තත්වයක්ද? එවැනි තත්වයන් ඇතිවූ විට අපේ ආහාර රටාව වෙනස්කර ගත යුත්තේ කෙසේද කියල බලමු.
අපි සමාන්‍ය ව්‍යවහාරයේදී වකුගඩු ගල් කියල හැඳින්වුවත් මේ තත්වය වකුගඩු වල සිට මුත්‍රාශය දක්වා මුත්‍ර මාර්ගයේ ඕනෑම ස්ථානයක ඇතිවීමේ අවදානමක් තියෙන බව ඔබ මුලින්ම දැනුවත් වී සිටිය යුතුමයි.
ආහාර පාලනය,
සිරුරේ අධික බර,
සමහර රෝග තත්වයන් සහ
ඇතැම් ආහාර අතිරේක සහ ඖෂධ වර්ග නිසා වකුගඩු වල ගල් ඇතිවීමේ අවදානමක් පවතින බවයි පර්‍යේෂකනයන් පෙන්වා දෙනනේ.
සාමාන්‍යයෙන්, ඛණිජ සහ ලවණ එකතු වුන ස්ඵටික ආකාරයේ තැම්පතු වකුගඩු ගල් කියල හැඳින්වුනත් වකුගඩු ගල් ඇතිවෙන්න පුළුවන් ආකාර කීපයක්ම තියෙනවා. ප්‍රෝටීන පරිවෘත්තීයේ ප්‍රතිඵලයක් විදිහට ඇතිවෙන යූරික් අම්ලය තැම්පත් වීමෙන් වගේම මුත්‍රා වල ඇති ඔක්සලේට් පොස්පරස් වැනි රසායනික ද්‍රව්‍ය කැල්සියම් සමඟ එකතු වීමෙන් ඇතිවන ස්ඵටික තැම්පත් වීමුත් ඒ අතරින් ප්‍රධානයි.
ඔබේ මුත්‍රා මාර්ගය ඝන ද්‍රව්‍ය බැහැර කිරීමට නිර්මාණය කර නොමැති නිසා වකුගඩු වල ගල් ඇතිවීම වේදනාකාරී වීම පුදුමයට කාරණාවක් නම් නෙමෙයි.
ඒ නිසා දැන් අපි බලමු වකුගඩු වල ගල් වැනි තත්වයන් හඳුනාගන්න අපිට උපකාරී වෙන රෝග ලක්ෂණ මොනවද කියල.
රෝග ලක්ෂණ
සාමාන්‍යයෙන් මේ ස්ඵටික වකුගඩුව තුළ චලනය වීම හෝ මුත්‍ර මාර්ගයට ඇතුළු වීම සිදුවෙන තෙක් රෝග ලක්ෂණ ඇතිවීම සිදුවෙන්නෙ නෑ.
නමුත් වකුගඩු ගලක්, මුත්‍ර මාර්ගය තුළ තැම්පත් වූවොත් එය මුත්‍ර පිටවීම අවහිර වී වකුගඩු ඉදිමීමටත් මුත්‍රා පිටවන විට දැඩි අපහසුතා ඇතිකරන්නත් හේතු වෙන්න පුළුවන්.
ඒ අවස්ථාවේදී,
ඉළ ඇටයට පහළින් සහ පිටුපස දකුණු පසට සමීපව දැඩි වේදනාවක්,
පහළ උදරය සහ ඉණ ආශ්‍රිතව ඇතිවෙන වේදනාවක්,
මුත්‍රා කිරීමේදී ඇතිවෙන වේදනාවක් හෝ දැවිල්ලක් වගේම
රෝස, රතු හෝ දුඹුරු පැහැයෙන් යුතු මුත්‍රා,
දැඩි දුර්ගන්ධයකින් යුතු වළාකුළු වැනි පෙණ ස්වභාවයක් සහිත මුත්‍රා,
ඔක්කාරය සහ වමනය වගේම වෙනදාට වඩා වැඩි වාර ගණනක් කුඩා ප්‍රමාණවලින් නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇතිවීමත් දකින්න ලැබෙනවා.
මේ වේදනාවන් ඔබට දැනෙනව නම්, ඉතාම ඉක්මණින් වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි.
හොඳයි, දැන් අපි බලමු වකුගඩු රෝගී තත්වයන් වලදී අපි අපේ ආහාර රටාව වෙනස් කරගන්න ඕනෙ කොහොමද කියල.
ආහාර රටාව
වකුගඩු වල ගල් ඇතිවීමේ තත්වය හඳුනාගත්තාට පසුව ඔබේ ආහාර රටාව වෙනස් කල යුතු ආකාරය පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්.
ඔබේ වකුගඩු වල ගල් ඇතිවී ඇති ස්වභාවය අනුව එකිනෙකට වෙනස් ආහාර රටාවක් අනුගමනය කරන්න ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලැබීම බොහෝ විට සිදුවෙන්න පුළුවන්.
නමුත් වැඩිපුර ජලය පානය කිරීම මඟින් ශරීරය සජලනය කර ගැනීම,
ලෙමන්, දොඩම්, මිදි යුෂ වැනි විටමින් C අඩංගු ආහාර වැඩිපුර ගැනීම,
හොඳ කැල්සියම්/ විටමින් D ප්‍රතිශතයක් ආහාර වේලට එකතු කර ගැනීම,
වගේම
ලුණු භාවිතය හැකිතරම් සීමා කිරීම,
මස් වලින් ප්‍රෝටීන් ලබා ගැනීම සීමා කිරීම,
ඔක්සලේට් අඩංගු චොකලට්, ඇට වර්ග, තේ, බතල වගේ ආහාර වර්ග සීමා කිරීම සහ
සීනි, වර්ණක සහ කෘතිම රසකාරක යෙදූ කෝලා වැනි පානයන් ආහාර වේලට එකතු කර ගැනීම හැකිතරම් සීමා කරන උපදෙස් බොහෝ විට වෛද්‍යවරුන්ගෙන් ලැබෙනවා දැකගන්න පුළුවන්.
උපුටා ගැනීම අන්තර් ජාලයෙනි ......
_______________________________________
අප මෙම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඔබේ දැනුම සඳහායි.
ඔබට තව දුරටත් විස්තර අවශ්‍ය නම් සහ ඔබට මෙම සත්කාර කිරීමට අවශ්‍ය නම් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න........................................................................
* මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ ඉසිවර අඩවිය (Isiwara Adawiya) facebook පිටුවට Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්න..
06/02/2026
ආක්‍රමණ නිසා විනාශ වී ගිය පෞරාණික ශිෂ්ටාචාර.......
විජය කුමරු ඇතුළු පිරිස ඉන්දියාවේ ඉඳන් ලංකාවට පැමිණියාම, යක්ෂ ආදී ශ්‍රී ලාංකික ගෝත්‍ර වලට සිදු වූ දෙය ඔබ දන්නවා. විදේශිකයන් විසින් රටේ පාලන බලය ස්වදේශික ගෝත්‍ර වලින් උදුරා ගත්තා පමණක් නොවෙයි, ඔවුන් බහුතරය සමූලඝාතනය කර, ඉතිරි වූවන් දෙවනි පන්තියේ පුරවැසියන් ගණයට ලා සලකනු ලැබුවා. මෙවැනි සිදුවීම් නිසා ආදි ලංකාවේ ස්වදේශික ගෝත්‍ර සහ ඔවුන්ගේ ශිෂ්ටාචාරය විනාශ වී ගියා.
විදේශ ආක්‍රමණ නිසා මහා ශිෂ්ටාචාර වැනසී යෑම ලෝක ඉතිහාසය පුරාවටම දක්නට ලැබෙන්නක්. මෙය බොහෝ විටම සිදුවුණේ මුහුදු මගින් දේශ ගවේශණයේ ආරම්භයත් සමඟයි. ප්‍රධානකොටම ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි ජාතීන් නැව් මගින් නව ලෝකය සොයා සප්ත සාගරයන්ගේ සංචාරය කළ අතර, ඔවුන් ගොඩබසිනා රට වල වාසය කළ දියුණු ගෝත්‍ර විනාශ කර රටෙහි පාලන බලය අල්ලා ගැනීම ඔවුන් විසින් සිදු කළා. මේ හේතුව නිසා බොහොමයක් දියුණු ශිෂ්ටාචාර විනාශයට පත්වී මිහිමතින් තුරන්ව ගියා.
මේ ලිපිය එවැනි ශිෂ්ටාචාර කීපයක් ගැනයි.
ඉන්කා ශිෂ්ටාචාරය
ඉන්කා යනු දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳුකරය ආශ්‍රිතව පීරු දේශය මූලික කරගෙන බිහි වුණු ශිෂ්ටාචාරයක්. ඉන්කාවන් ඇරඹුනේ ක්‍රි.ව. 12වන සියවසේ ලෙසයි සැලකෙන්නේ. කුඩාවට ඇරඹුනු ඉන්කා අධිරාජ්‍යය ක්‍රමයෙන් යුධ බලය තර කර ගනිමින් වර්තමාන උතුරු ඉක්වදෝර සීමාවේ සිට මධ්‍යම චිලිය දක්වා පැතිර තිබුණා. ‘ටවන්ටින්සුයු’ නමින් හැඳින්වුනු ඉන්කා රාජ්‍යයේ ස්වර්ණමය යුගයේ දී එහි ගෝත්‍ර සහ ජාතීන් 100කට පමණ අයත් පදිංචිකරුවන් මිලියන 12ක් පමණ සිටින්නට ඇතැයි පැවසෙනවා.
ඉන්කා පුරාවෘත වලට අනුව සියල්ල මැවූ දෙවි විරකොචා ශාන්තිකර සාගරයේ සිට පීරුහි ටිටිකාකා විලට පැමිණ හිරුත්, සියළු ගෝත්‍රත් මවා තිබෙනවා. පසුව මෙම දෙවි විසින්ම සියළු ගෝත්‍ර වලළා දමා ඇති අතර හිරු දෙවි ඉන්ටි විසින් ඉන්කාවරුන්ව නැවත ගොඩගෙන ජීවය ලබා දෙනවා. ඉන්ටි ගේ පුතු මන්කො ඛපක් පළමු ඉන්කා පාලකයා ලෙසයි පුරාවෘත වල සඳහන් වන්නේ.
ඉන්කා අධිරාජ්‍යය විනාශ වී යෑමට මූලිකවම බලපෑවේ ස්පාඤ්ඤ ආක්‍රමණයි. යුරෝපීයයන් විසින් ගෙන ආ වසූරිය වැනි රෝග නිසා ඉන්කා ජනගහනයෙන් 65% – 90% අතර පිරිසක් මරණයට ද පත්වුණා. ඉන්කා පාලක වේනා ඛපක් ක්‍රි.ව. 1528 දී මියගිය අතර ඔහුගේ පුතුන් වන වස්කා සහ ඇටහෝල්පා විසින් සිවිල් යුද්ධයක් මෙහෙයවමින් සිටියා. ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ ඇතුළු ස්පාඤ්ඤ ආක්‍රමණිකයින් විසින් වසූරිය වසංගතයේත්, සිවිල් යුද්ධයේත් වාසිය ගෙන ඉන්කා ශිෂ්ටාචාරය විනාශ කර දැමීමට සමත් වුණා.
ස්වදේශික ඇමරිකානුවන්
‘රතු ඉන්දියානුවන්’ නමින් හැඳින්වෙන ස්වදේශික ඇමරිකානුවන් ඇමරිකාව බිහිවුණු දා පටන් එහි සිටින්නන් ලෙසයි පුරාවෘත වල සඳහන් වන්නේ. ස්වදේශික ඇමරිකානු භාෂා 300කට අධික ප්‍රමණයක් තිබී ඇති අතර ප්‍රධාන ගෝත්‍ර 84ක් හඳුනාගැනෙනවා.
ස්වදේශික ඇමරිකානුවන්ට විනාශය ගෙනාවේ 1620 දී යුරෝපයේ සිට ආගමික නිදහස සොයා පැමිණි පියුරිටන්වරුන් ඇතුළු සුදු ජාතිකයින් විසිනුයි. ඔවුන් විසින් ගෙන ආ වසූරිය, සරම්ප, සහ කහ උණ වසංගත වලට ඔරොත්තු දීමට ප්‍රතිශක්තියක් නොතිබූ ස්වදේශිකයන් මිලියන ගණනින් මියගියා. වසංගත නිසා 90%ක් පමණත්, ඔවුන්ගේ ඉඩම්වලින් පන්නා හැරුණු නිසා, ඔවුන් ආහාරයට ගත් යැක් ගවයින් සුදු ජාතිකයින් විසින් විනෝදයට දඩයම් කිරීම නිසා ආහාර හිඟයකට මුහුණ පෑ නිසා සහ මිථ්‍යා දෘෂ්ඨිකයන් ලෙස සලකා මරා දැමුණු නිසාත් ඉතිරියෙන් බොහෝ පිරිසකුත් මිහිපිටින් තුරන් වී ගියා.
ඇමරිකාවේ මුල් අයිතිකරුවන් වූ ගෝත්‍ර කීපයක් ඔවුන්ට වෙන් කර දී ඇති අක්කර ගණනක කුඩා රක්ෂිත ප්‍රදේශ වල අදටත් වාසය කරනවා.
ඇස්ටෙක් ශිෂ්ටාචාරය
ඇස්ටෙක්වරුන් ඇරඹුනේ සංචාරක ගෝත්‍රයක් ලෙස උතුරු මෙක්සිකානු ප්‍රදේශ වලින්. ඒ 13වන සියවසේ දි යි. පසුව මධ්‍යම මෙක්සිකෝවේ ටිනොච්ටිට්ලන් නගරය ගොඩනැංවීමෙන් පසු ඇස්ටෙක්වරුන් මහා ශිෂ්ටාරයක් ලෙස වර්ධනය වීම ඇරඹුණා. ඇස්ටෙක් රණකාමීන් මුළු මෙක්සිකෝව පුරාම සිය අණසක පතුරවනු ලැබුවා. ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගයේ දී එහි රාජ්‍යවල මිනිසුන් මිලියන 11ක් පමණ වාසය කරන්නට ඇතැයි සැලකෙනවා.
ඇස්ටෙක් රාජධානියේ අවසානය ළඟා වූයේ හර්නැන් කෝටෙස් ඇතුළු ස්පාඤ්ඤ ආක්‍රමණිකයින් මෙක්සිකෝවට ළඟා වීමත් සමඟයි. පළමුව ඔවුන් ඉතා මිත්‍රශීලී වුණා. එකල ඇස්ටෙක් අධිරාජයා වූ දෙවන මොන්ටෙසුමා සමඟ ත්‍යාගයන් පවා හුවමාරු කරගනිමින් මිත්‍රශීලී සබඳතාවක් ඇරඹීමට කෝටෙස් ඇතුළු සොල්දාදු පිරිස සමත්වුණා.
කෙසේ වෙතත්, ස්පාඤ්ඤ සොල්දාදුවන් පිරිසක් ඇස්ටෙක් වරුන් අතින් ඝාතනය වීමත් සමඟ ඇතිවන කලබලකාරී තත්ත්වයේ දී මොන්ටෙසුමා අනුගමනය කළ ක්‍රියා පිළිවෙත පිළිබඳව අප්‍රසාදයට පත්වන ඇස්ටෙක් රණවිරුවන් ඔහුව බලයෙන් පහකොට වෙනත් පාලකයෙකු පත්කර ගත්තා. කෝටෙස් ඇතුළු පිරිසට ටිනොච්ටිට්ලන් හැර යෑමට සිදුවුණත්, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සැලසුම් සකස්කරගැනීමට කෝටෙස්ට හැකිවුණා. තවත් මාස දහයකට පසු තමාට පක්ෂ ස්වදේශික කණ්ඩායම් ද රැස්කරගන්නා කෝටෙස්, ක්‍රි.ව. 1521 දී නගරය වටලෑවා. ආහාර හිඟයත්, වසංගතයනුත් නිසා නගරය ඇදවැටෙද්දී එහි බලය අල්ලාගත් කෝටෙස් ඇතුළු පිරිස් එහි ඉදිකර තිබූ ඇස්ටෙක් ගොඩනැගිලි විනාශ කර දමා ස්පාඤ්ඤ කොලනියක් පිහිටුවනු ලැබුවා. ඇස්ටෙක් ශිෂ්ටාරය අවසන් වූයේ එසේ යි.
ලොව බොහොමයක් පැරණි ශිෂ්ටාචාරයන් සුදු ජාතිකයින්ගේ ආක්‍රමණ නිසා බිඳ වැටී විනාශ වී ගියා. ඔවුන් විසින් මිථ්‍යා දෘෂ්ඨික අනුවණයින් ලෙස හැඳින්වුණු මෙම පැරණි වැසියන් බොහොමයක් දෙනා සුදු ජාතික ආක්‍රමණිකයින් විසින් ගෙන ආ වසංගත හා ඔවුන් විසින් ස්වදේශිකයන් මත පටවන ලද පීඩා නිසා මරණයට පත්ව මිහිපිටින් අතුගෑවී ගියා. ආක්‍රමණිකයන්ගේ බල තණ්හාව සහ කෲරත්වය නිසා ඉතාමත් ශෝකජනක අවසානයන් අත්කරගත් ශිෂ්ටාචාරයන්, ජාතීන්, සහ ගෝත්‍ර එමටයි. මෙහි සඳහන් වූයේ එයින් තුනක් ගැන පමණයි.
උපුටා ගැනීම අන්තර් ජාලයෙනි ......
_______________________________________
අප මෙම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඔබේ දැනුම සඳහායි.......................................................................
* මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට ''Need TV'' facebook පිටුවට Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්න
Click here to claim your Sponsored Listing.
19/02/2026