Yazith
13/01/2026
In Germany, they don’t say “spend your time wisely.”
They say, if you chase butterflies, they fly away. But if you create a beautiful garden, the butterflies will come.
And even if they don’t, you will still have a beautiful garden.
Maybe that’s how life works.
23/11/2025
ගොඩක් අයගේ dream destination එකක් වුන මනාලි ආවට පස්සේ කීප දෙනෙක් ඒ ගැන අහපු නිසා කෙටියෙන් ඒ ගැන ලියන්නම් කාටහරි අදහසක් ගන්න.
අපි 3න් දෙනෙක් තමයි ආවේ. කොළඹ ඉදන් දිල්ලි වලට ටිකට් දැම්මා indigo එකේ. Chennai වලින් transit එකක් එක්ක. යන්න කලින් දවසේ රෑ ටිකක් දාපු නිසා ගාන එක් කෙනෙක්ට 90,500ක් වුනා. යන්නයි එන්නයි දෙකම. Hand luggage එකට 7kg. Main luggage එකට 30kg.
Chennai වලින් transit වෙලා, දිල්ලි වලට ආවා. චෙන්නයි වල පොඩ්ඩක් වෙලා යන නිසා වැඩි වෙලාවක් transit එක තියාගන්න.
දිල්ලි වලින් booking.com එකෙන් නවතින තැනක් book කරගන්න පුලුවන්. Airport එකෙන් එලියට ඇවිල්ලා එතනින් taxi එකක් අරන් යන්න පුලුවන්.
දිල්ලි වායු දූෂණය වැඩි city එකක් නිසා mask එකක් දාගෙන ඉන්න එක හොද වෙයි. මිනිස්සු එක්ක කතා කරලා වැඩ කරගන්න, ගනන් කතා කරගන්න පුලුවන්. Uber එකෙන් transport හදාගන්න පුලුවන්. Metro එකෙත් ඒ වෙලාවේ tickets අරන් යන්න පුලුවන්.
Airtel sim එක 1.5GB/day with unlimited calls package එක 360ක් වෙන්නේ, දවස් 30ක් valid.
දිල්ලි වල හැමදෙයක්ම ගනන් ගොඩක් අඩුයි. මෙහෙන් යද්දි backpack එක විතරක් අරන් ගිහින් එහෙන් ඇදුම් ගන්න පුලුවන්. Baggage එහෙමත් ගොඩක් ගනන් අඩුයි. Chandni chowk වල බඩු තියනවා එහෙ අපෙ කොටුව වගේ. මෙහෙ 5000ක් වෙන සපත්තු දෙක එහෙන් 1000ට වගේ ගන්න පුලුවන්.
මනාලි යනව නම්, online බස් book කරන්න පුලුවන්. අපි ගියේ flixbus එකේ. හවස 6 ඉදන් bus තියනවා තෝරගන්න. ඒක පහුවදා උදේ වෙද්දි එහෙ. Tickets 500ට තියනවා පිටිපස්සෙම seat. ඉස්සරහ seat සාමාන්‍යයෙන් 1000ක් වගේ වෙනවා.
Online pay කරලා book කරගන්න පුලුවන්. මනාලි යන්න කලින් booking.com එකෙන් තැනක් book කරල යන්න පුලුවන්. නැත්තම් ගිහින් එතන ඉන්න අයගෙන් තැනක් අහගන්නත් පුලුවන්. ගනන් සාධාරණයි.
අපි හිටියේ එහෙම හොයාගත්ත තැනක, the loads regent එකේ. දවසකට room එක 1500ක් වුනේ. කෑම වේල් 3ක් එක්ක 2500යි දවසකට තුන්දෙනාටම.
එතනින් scooter එකක් rent කරන්න දවසටම යන්නේ 500යි. තෙල් වලට 200ක් වගේ යයි. එහෙම තනියම යන්නත් පුලුවන්. නැත්තම් එයාලගෙ tour package එක ගන්නත් පුලුවන්. ඒක වෙන්නෙත් 6000යි තුන්දෙනාටම, room එකයි කෑම වේල් 3යි එක්ක. හැබැයි උදේ 9ට ඒක යනවා.
එහෙ බලන්න තැන් ටිකක් තියනවා. Town එක, temples, හිම වැටෙන තැන් එහෙම. Rohtang pass වලට යන්න නම් scooter වල බෑ. වාහනයක් කතා කරගන්න ඕනේ. එහෙම එක එක දේවල් ගන්න පුලුවන්, 100,200,300ක් වගේ වෙන්නේ. කජු, ආමන්ඩ් එහෙම ගොඩක් ගනන් අඩුයි එහෙ දිල්ලි වලටත් වඩා.
තව adventure වලට කැමති අයට adventure activities ගොඩක් තියනවා. Paragliding; parachute එකෙන් පනින එකට යන්නේ 3500යි. තව zipline තියනවා 500ක් වගේ යන්නේ.
සීතල වැඩි නිසා jersey අරන් යන්න. දිල්ලි වලින් ගන්න පුලුවන් 500-1000 අතර. මනාලි වලත් තියනවා.
ඔහොම වියදම් ටිකක් තමයි යන්නේ. එලියෙන් කෑවත් කෑම එකක් 150-200ක් වෙයි. Tea එක 30ක් වෙනවා. වතුර 1L එක 20ක් වෙනවා.
මං මේ ටික ලිව්වේ කාට හරි ඕනේ නම් අදහසක් ගන්න. වියදම් ගැන. තව මොනව හරි විස්තරයක් දැනගන්න ඕනේ නම්, message එකක් දාන්න මං දන්න විදියට කියන්න පුලුවන්. මේකේ තියෙන්නේ මං ගියපු දවස් ටිකේ මට හම්බුන විස්තර ටික.
මං කැමතියි මං දකින ලෝකය අනිත් අයත් දකිනවට, ඒ වගේම ලෝකේ දකින එක අපි හිතන් ඉන්න තරම් අමාරු දෙයක් නෙවෙයි කියලා කියන්න...
04/11/2025
මහනුවර රැජින! 🤍
The Queen’s Hotel in Kandy stands as one of the most iconic and historically significant landmarks in Sri Lanka. Its origins date back to the early 19th century when it was built as a Governor’s residence during the British colonial era. Over time, the building transitioned into a prestigious hotel, welcoming prominent figures and travellers.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
10000