Share With YASH

Share With YASH

Share

24/03/2026

තෙල් පෝලිමේ ඉඳන් රට හදන "අපේ කාලයේ දේශප්‍රේමීන්"

අපි දන්නවා මේ දවස්වල හැමෝම ඉන්නේ ටිකක් කාර්යබහුල වෙලා කියලා. සමහරු පෝලිම්වල, තවත් සමහරු පෝලිම් දිහා බලාගෙන. හැබැයි මේ අස්සේ අපේ Facebook නිවුස්ෆීඩ් එක පැත්තේ සැරිසරන විශේෂ "ජීවී කොට්ඨාසයක්" ගැන අද අපි කතා කරන්න ඕනේ. මුන් තමයි "දේශපාලන ඩයි හාර්ඩ් ෆෑන්ස්ලා" නැත්නම් සරලවම කිව්වොත් "කඩේ යන එක ජීවිතය කරගත්ත අය."

මේ අයගේ තියෙන කැපවීම කොච්චරද කියනවා නම්, තමන් ඉන්න පෝලිමට තෙල් නැති වුණත්, ඇඟේ ලේ වතුර කරගෙන ආණ්ඩුව සුදෝ සුදු කරන්න මුන් දරන උත්සාහය දැක්කම ඇඬෙන්නේ නෑ, හිනා යනවා.

මුන්ගේ ලක්ෂණ ටිකක් බලමුද?

1. පෝලිමේ ඉඳන් දෙන උපදෙස්:

කහට ටිකක් බීලා, රස්නේ වේලි වේලි පෝලිමේ ඉන්න ගමන් මූණ පොතේ පෝස්ට් එකක් දානවා "රටේ ආර්ථිකය හදන්න නම් අපි හැමෝම කැප කිරීම් කරන්න ඕනේ" කියලා.

2. ලෝක දේශපාලන විශ්ලේෂකයෝ:

ලෝකේ කොහේ හරි තෙල් මිල වැඩි වුණාම හරි, යුද්ධයක් ආවම හරි මුන් ඒක අල්ලගන්නේ හරියට ආණ්ඩුවට දෙයියෝ බැල්ම දැම්මා වගේ. "ලෝක වෙළඳපොලේ මිල වැඩි වුණාම මොන ආණ්ඩුවටද කරන්න පුළුවන්?" කියලා අහනවා. හැබැයි පුතෝ, ලොකේ තෙල් වැඩි වෙනකොට මෙහෙ තෙල් වැඩිකරන්න අණ්ඩුවක් ඕනෙද කියලා ඇහැව්වෙත් මෙන්න් මේ අයම තමයි

3. අනුන්ට දොස් කීම:

හැම දේකටම වැරදි පහුගිය ආණ්ඩුවේ, නැත්නම් පෝලිමේ ඉන්න මිනිස්සුන්ගේ, එහෙමත් නැත්නම් පිටසක්වල ජීවීන්ගේ. කවදාවත් තමන්ගේ මහත්තයලාගේ වැරැද්දක් නම් පේන්නේ නෑ. මුන්ට අනුව ආණ්ඩුව කරන්නේ "මාර ගේමක්" දෙන එක. හැබැයි ඒ ගේම කාටද දෙන්නේ කියලා අපි දන්නවා.

• ඇයි අපි මේවා ගැන කතා කරන්නේ?

රටක් විදිහට අපි අමාරු තැනක ඉන්න වෙලාවක, අඩුම තරමේ තමන්ගේ ඇස් ඉස්සරහා වෙන දේවත් හරියට දකින්න බැරි අන්ධ භක්තිකයෝ ඉන්න එක තමයි ලොකුම අවාසනාව. තෙල් පෝලිමේ ඉඳන් කන කට්ට පට්ට කරගෙන රට හදන්න උපදෙස් දෙන එක නෙවෙයි, තමන්ට ලැබෙන්න ඕනේ පහසුකම් ගැන හඬක් නැගීමයි වැදගත්.

හැබැයි ඉතින් "කඩේ යන එක" වෘත්තියක් කරගත්ත අයට මේවා තේරෙන්නේ නෑ. උන්ගේ ලෝකේ ආණ්ඩුව සුදුයි, පෝලිම් හරි ෂෝක්, මිනිස්සුන්ගේ දුක කියන්නේ නිකන් "ජවනිකාවක්" විතරයි.

ඉතින් ඔයාලගේ නිවුස්ෆීඩ් එකෙත් මේ වගේ "සුදු හුණු" ගාන අය ඉන්නවා නම්, ඒ අයව මේ පෝස්ට් එකට ටැග් කරන්න අමතක කරන්න එපා. අපි බලමු පෝලිමේ ඉන්න ගමන් උන් මේකට මොනවා කියයිද කියලා!

24/03/2026

කලහකාරී මිනිස්සු ආණ්ඩුවක වහලුන් වූ කල රට හරිම සාමකාමීයි. ❤️🕊️

10/03/2026

🚨හිටපු CID නිියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම මගින් සිදුකරනු ලබන විමර්ශන කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

නීතිය ක්‍රියාත්මක කරන ඉහළ නිලධාරියෙකු මෙලෙස අත්අඩංගුවට පත්වීම සමාජය තුළ දැඩි කතාබහට ලක්වී ඇත.

මේ ගැන ඔබේ අදහස කුමක්ද? Comment එකක් දාන්න. 👇

10/03/2026

🏛️🇱🇰 මහ බැංකු අධිපතිගේ ප්‍රකාශයෙන් පැය 24ක් යන්නට මත්තෙන් තෙල් මිල යළිත් ඉහළට - අපි ඇත්තටම සූදානම්ද? ⛽📈

🧐Share with Yash - නිරවද්‍ය තොරතුරු සහ ගැඹුරු විග්‍රහය පහලින් කියවන්න 👇👇👇

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාමට මුහුණ දීමේ හැකියාව ශ්‍රී ලංකාව සතු බවට මහ බැංකු අධිපතිවරයා විසින් සුභවාදී ප්‍රකාශයක් සිදු කර පැය 24ක් ගත වීමටත් පෙර, මාර්තු මාසය තුළ දෙවන වතාවටත් මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

මෙම පරස්පර විරෝධී තත්ත්වයත් සමඟ සාමාන්‍ය ජනතාව මෙන්ම ආර්ථික විශ්ලේෂකයන්ද දැඩි විමතියට පත්ව සිටිති.

1. මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය සහ යථාර්ථය 🏛️📈

මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ මෙරට විදේශ විනිමය සංචිත යම් මට්ටමකට ස්ථාවර වී ඇති බැවින් සහ ලෝක වෙළඳපොලේ මිල උච්චාවචනයන් කළමනාකරණය කිරීමට අවශ්‍ය මූල්‍යමය ශක්තිය පවතින බවයි.

එහෙත් එම ප්‍රකාශය සිදු කර කෙටි වේලාවකින් සිදු වූ මිල වැඩි කිරීම හරහා පෙනී යන්නේ, ආර්ථිකයේ ස්ථාවරත්වය පිළිබඳ පවසන කතාව සහ ප්‍රායෝගිකව ජනතාවට මුහුණ දීමට සිදුවන පීඩනය අතර විශාල පරතරයක් ඇති බවයි.

2. මාර්තු මාසයේ දෙවන මිල සංශෝධනය ⛽

එක් මාසයක් තුළ දෙවතාවක් මිල ඉහළ දැමීම යනු අසාමාන්‍ය තත්ත්වයකි. මීට පෙර පැවති මිල සූත්‍ර ක්‍රමවේදයන් යටතේ වුවද මාසිකව මිල සංශෝධනය සිදු වූ අතර, මෙලෙස දින කිහිපයක් ඇතුළත මිල වෙනස් වීම රටේ මූල්‍ය කළමනාකරණය පිළිබඳ ගැටලු පැන නගින තැනකි.

3. මිල ඉහළ යාමට බලපාන සාධක ⬆🆙

• ගෝලීය දේශපාලනික අස්ථාවරත්වය: මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ සැපයුම් දාමයේ බිඳවැටීම්.

• රුපියලේ අගය: රුපියල යම් තරමකට ශක්තිමත් වුවද, ආනයන වියදම් පියවා ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීම.

• ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව: දිගින් දිගටම සිදුවන පාඩුව අවම කර ගැනීමට පිරිවැය ජනතාව මත පැටවීම.

4. Share with Yash විශේෂ විග්‍රහය 🧐

• තොග ඇති බව පවසා මිල වැඩිකිරීමේ සදාචාරාත්මකභාවය

මීට සතියකට පෙර රට තුළ අනවශ්‍ය ලෙස ඉන්ධන පෝලිම් නිර්මාණය වූ අවස්ථාවේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ, ඉදිරි දින 37කට ප්‍රමාණවත් ඉන්ධන තොග මෙරට පවතින බවයි. එසේ නම්, ප්‍රමාණවත් තොග පවතින පසුබිමක ලෝක වෙළඳපොලේ මිල ඉහළ ගිය වහාම මෙරට මිල වැඩි කිරීම කෙතරම් දුරට සාධාරණද?

• පරස්පර ප්‍රකාශ

දින 37කට තොග තිබේ නම්, එම තොග මිලදී ගෙන ඇත්තේ පැරණි (අඩු) මිල ගණන් යටතේ විය යුතුය. එසේ තිබියදී නව මිල ගණන් අනුව ක්ෂණිකව මිල සංශෝධනය කිරීම හරහා පෙනී යන්නේ ආයතනික ලාභය හෝ පාඩුව පියවා ගැනීම ජනතාවගේ පීඩනයට වඩා ඉහළින් සලකා ඇති බවයි.ජනතාවාදී නිර්ධන පංතිය නියෝජනය කරන බව පවසන රජයක් මේ ආකාරයෙන් ක්‍රියාකිරීම ශෝකයට කරුණක්.

• විශ්වාසනීයත්වය පළුදු වීම

බලධාරීන් එක් පැත්තකින් ජනතාව කලබල නොවන ලෙසත්, තොග පවතින බවත් පවසන අතරතුර අනෙක් පසින් මිල ඉහළ දැමීම නිසා ඉදිරියේදී ජනතාව රජයේ ප්‍රකාශ පිළිබඳව සැක මතු කිරීමට ඉඩ ඇත. මෙය නැවතත් "පෝලිම් යුගයක්" කෙරෙහි වන බිය (Panic Buying) ඇති කිරීමට හේතු විය හැකියි.

• සූදානම පිළිබඳ ගැටලුව

මහ බැංකු අධිපතිවරයා පවසන පරිදි අපට තෙල් මිල ඉහළ යාමට මුහුණ දීමේ හැකියාව තිබේ නම්, දැනට පවතින තොග අවසන් වන තෙක් හෝ එම සහනය ජනතාවට ලබා නොදී කඩිනමින් මිල වැඩි කිරීමෙන් හැඟෙන්නේ "සූදානම" යනු හුදු වචනයක් පමණක් බවයි.

5. ආර්ථිකයට සහ ජන ජීවිතයට බලපෑම ♻️

තෙල් මිල ඉහළ යාම යනු හුදෙක් ඉන්ධන සඳහා වැයවන මුදල වැඩි වීම පමණක් නොවේ. මෙය දාම ප්‍රතික්‍රියාවක් (Chain Reaction) ලෙස අනෙකුත් සෑම අංශයකටම බලපායි

• ප්‍රවාහන ගාස්තු: බස් රථ, ත්‍රිරෝද රථ සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම.

• ජීවන වියදම: එළවළු, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම.

• උද්ධමනය: මිල මට්ටම් ඉහළ යාම නිසා මුදලේ අගය තවදුරටත් පහත වැටීම.

ලෝක වෙළඳපොලේ මිල පාලනය කිරීමේ හැකියාව අපට නොමැති වුවද, දේශීයව එම කම්පනය (Shock) අවම කිරීමට ගත හැකි පියවර පිළිබඳව රජය වඩාත් විනිවිදභාවයකින් කටයුතු කළ යුතුය. මහ බැංකුව පවසන "සූදානම" ජනතාවගේ පසුම්බියට දැනෙන තුරු එය හුදු සංඛ්‍යාලේඛන වලට පමණක් සීමා වූ ප්‍රකාශයක් වනු ඇති බවයි Share with Yash අපගේ නිගමනය.

ඔබේ අදහස කුමක්ද?පහල Comment කරන්න. 📝👇

09/03/2026

බයි , ටොයි , ජෙපි කන්ටෙන්ට් ක්‍රියේටර්ස් 🤣

මේ දවස් වල අලුත්ම ට්‍රෙන්ඩ් එක ඔයාලා දන්නවද? FB එකෙන් නැතිනම් සමාජ මාධ්‍යයෙන් රට හදන්න විඩියෝ කරන අය හැමතැනම..මේ අයගේ ඇත්තම අභිප්‍රාය රට හැදිමම ද?

නැහැ..මොන පිස්සුද ? ඒ හැමකෙනෙක්ගෙම විඩියෝ බලාගෙන බලාගෙන යනකොට හොදට තේරෙන දෙයක් තමයි එක්කො ඒ බයියෙක් , එක්කෝ ටොයියෙක් නැතිනම් ජෙප්පෙක්.. ස්වාදීනව දේශපාලනික කියවිමක් ඒ එක්කෙනෙකුවත් කරන්නේ නෑ...

ඇත්තටම රට හදන්න නම් සමාජයේ දේශපාලනික සාක්ෂරතාවය නංවාලීම උදෙසා වැදගත් වන අන්තර්ගතයන් සහිත විඩියෝ අපක්ෂපාතීව හොද දේ අගය කිරිමත් වැරදි දේ විවේචනය කිරිමයි විය යුතු දෙය. එහෙම නැතිව යම් කිසි පක්ෂයකට වාසි වන විඩියෝ පමණක් කිරිම නොවේ.

මෙතන සරලවම සිදු වන්නේ සමාජ මතය තමාගේ පක්ෂයට වාසි වෙන ආකාරයට වෙනස් කිරිමට දරණ වෑයමක් මිස රටක් දියුණු කිරිමට දරණ වෑයමක් නොවේ..

ඉහත් කී බයියෝ ටොයියෝ සහා ජෙප්පෝ ප්‍රධාන කොටස් 2කට බෙදා දැක්විය හැකියි. එනම්

1. බයියෝ සහා ටොයියෝ

ශ්‍රීලංකා නිදහස් පක්ෂය,පොදුජන පෙරමුණ , එක්සත් ජාතික පක්ෂය , සමගි ජන බලවේගය වැනි දකුණේ දේශපාලන මතයට පක්ෂ මතයක් ගොඩනගන අය මේ ගණයට අයත් වේ.

2. ජෙප්පො

ජනතා විමුක්ති පෙරමුණ , ජාතික ජන බලවේගය නැතිනම් වත්මන් ආණ්ඩු පක්ෂයට හිතවාදි අය මේ ගණයට අයත් වේ.

ඉහත පලමු ගණයට අයත් දේශපාලන පක්ශ වල දේශපාලකයන් හොරු ලෙසත්,ඔවුන්ට පක්ශපාතිත්වයක් දක්වන්නේ මොලයක් නැති අඩු බුද්ධියක් ඇති නිසා හෝ පෞද්ගලිකව ලැබෙන ප්‍රතිලාභ නිසාත් බව ජෙප්පන් චෝදනා කරන අතර මොවුන්ව වහලුන් ලෙස හදුන්වයි..එසේ බලන කල ඔවුන් එම පක්ෂ වලට කඩේ යාම වරදක් නැත..මක්නිසාද ඉහත කී කරුණු නිසා ඔවුන් එම දේශපාලකයන්ට කඩේ යයි.

ඔන්න අපි එමු මේ කතාවේ රසවත්ම සහ හාස්‍යජනකම කොටසට ඒ තමයි බයියන් සහ ටොයියන් ඉහත ආකාරයෙන් නිර්වචනය කරන ඉහත කී අය ඔවුන් බුද්ධිමත් බව සහා දේශපාලකයන්ගෙන් වරප්‍රසාද බලාපොරොත්තු නොවි රට සෑදිමට උත්සහ කරන බව පැවසුවත් ඔවුන්ගේ විඩියොස් මුල සිට නරඹන කෙනෙකුට දකින්නට ලැබෙන්නේ ඉහත අනෙක් දෙවර්ගය මෙන්ම මේ අයද මේ ආණ්ඩුව පිළිබඳ වර්ණනා කිරිම හැරුණු කොට සාධාරණ විවේචනයක් නොකරයි.. ආණ්ඩුවේ වැරදි ද සාධාරණීකරනය කිරිමට ඉතා වෙහෙසක් ගනි.. ඒ අතර "මේ වැරදි ඒ කාලෙත් වුනා." " ඒ කාලේ කරපු වැරදි එක්ක බලනකොට මේවා වැරදිද" යැයි පවසනවාද දැකගන්නට ලැබේ.

ඒ කාලේ ඒ වැරදි සිදු වු නිසා ඒ වැරදි කල අයට දඩුව්ම් දිම ප්‍රධාන චන්ද පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කිරිම හේතුවෙන් මේ රටේ ජනතාව ඔවුන්ව බලයට ගෙන ආ බව අද වන විට එම පිරිස් වලට අමතක වි ගොසිණි.

මෙලෙස කරන පොඩි වැරැද්දක් හෝ වේවා සාධාරණීකරනය කිරිම සහ ඒවා වැරදි බව පෙනි පෙනි එය විවේචනය නොකිරිම තුලින් ඔවුන්ටද ඊට වඩා ලොකු වැරදි කිරිමට දෙන අවසරපත්‍රයක් බදුය.

ජෙපි ක්‍රියෙටර්ස්ලා පවසන්නේ අනෙක් පාර්ශවයේ බුද්ධි මට්ටම පහත් බව වුවත් මේ අයගේ විඩියෝ පාරක තොටක තියා ගෙදර අනෙක් අය ඉන්න තැනකවත් බැලිමට අපහසුය ඒ තරම් කුණුහරප භාවිතා කරමින් වීඩියෝ නිර්මාණය කර ඇත.එමගින් ඔවුන්ගේ බුද්ධියේ මට්ටම මනාවට පෙන්නුම් කරයි..එමෙන්ම මධ්‍යස්ත මතධාරියකු ඔවුන්ගෙ විරුද්ධ දේශපාලකයෙකුගේ හෝ පක්ෂයක සාධණිය ක්‍රියාවක් අගය කර තිබුහොත් කිසිම සෙවිල්ලකින් තොරව කමෙන්ට් කරන්නේද කුණුහරපයෙන්ය.

ඔවුන් පවසන දෙවන කාරණයනම් පුද්ගලික ලාභ ප්‍රයෝජන සහ මුදල් වෙනුවෙන් හොරුන්ට කඩේ යන බවයි..එය සත්‍ය විය හැක.ඕනෑම කෙනෙක් ජිවත් විමට අවශ්‍ය මුලිකම සාධකයක් මුදල් කියන්නේ..ඔවුන් ඒ වෙනුවෙන් කඩේ යයිනම් ඔවුන් තෙවනුව පවසන අන්දමට වහලුන් වන්නට බැරිය.ඔවුන් ලබාගන්නා මුදල් වෙනුවෙන් ඔවුන් සපයන සේවාවයි කඩේ යෑම.

ජෙප්පන් කඩේ යන්නේ රට වෙනුවෙන් රටේ උන්නතිය වෙනුවෙන් නම් වරදක් වු විට වරදේ ප්‍රමාණය කුඩා හෝ විශාලද යන්න බලා ඒවා සාධාරණියකරනය නොකර ඒ වෙනුවට කල යුත්තේ සාධාරණ විවේචනය නොවේද?

පුද්ගලික වරප්‍රසාද හෝ මුදල් නොගෙන මේ ආකාරයට ආණ්ඩුව රැකිම , ආණ්ඩුවේ වැරදි සාධාරණියකරනය කිරිමට ගන්නා වෙහෙස මහන්සිය සහ කුණුහරප කියමින් බැනිමට තරම් තරහවක් ඇතිවිම අතින් ගත් කල සෑබෑ වහලුන් කවුරුන් ද?

එය තීරණය කිරිම අප සමග අත්වැල් බැදගෙන සිටින සබුද්ධික ජනතාවට බාරයි. මේ පිලිබදව ඔබ දරණ මතය පහලින් Comment කරන ගමන්ම සංවර්ධිත අනාගතයක් ගොඩනැගිමට අවශ්‍ය කරන දේශපාලනික සාක්ෂරතාවය හැමොටම ලබාදීමට අප දරණ උත්සහයට Share එකක් දාලා සහයෝගය දක්වන්න.

08/03/2026

රටකට "හුණ්ඩුවක්" කියා ඇමතීම: දේශපාලනික රූපකයක්ද? නැතිනම් ජාතික අභිමානයට පහරක්ද?

රටක රාජ්‍ය නායකයා තම මව්බිම හැඳින්වීමට භාවිත කරන වචන මගින් එම රටේ අනන්‍යතාවය, ජාත්‍යන්තර ප්‍රතිරූපය සහ ජනතාවගේ ආත්මගෞරවය නිරූපණය වේ. මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් "හුණ්ඩුව" යන ප්‍රකාශය පිළිබඳව විවිධ දෘෂ්ටිකෝණවලින් අපට මෙලෙස විමසා බැලිය හැකිය.

1. කුඩා බව (Smallness) සහ යථාර්ථය

භූගෝලීය වශයෙන් හෝ ආර්ථික ශක්තිය අතින් කුඩා රටක් ලෝක සිතියමේ පවතින අභියෝගාත්මක තත්ත්වය පැහැදිලි කිරීමට රාජ්‍ය නායකයෙකු මෙවැනි රූපකයක් (Metaphor) භාවිත කළ හැකිය. මෙහිදී "හුණ්ඩුව" යන්නෙන් අදහස් කරන්නේ ලෝක බලවතුන් හමුවේ අපට ඇති සීමිත සම්පත් හෝ කුඩා බව විය හැකිය.

2. රාජ්‍යතාන්ත්‍රික ගෞරවය පිළිබඳ ගැටලුව

භූගෝලීය වශයෙන් හෝ ආර්ථික ශක්තිය අතින් කුඩා රටක් ලෝක සිතියමේ පවතින අභියෝගාත්මක තත්ත්වය පැහැදිලි කිරීමට රාජ්‍ය නායකයෙකු මෙවැනි රූපකයක් (Metaphor) භාවිත කළ හැකිය. මෙහිදී "හුණ්ඩුව" යන්නෙන් අදහස් කරන්නේ ලෝක බලවතුන් හමුවේ අපට ඇති සීමිත සම්පත් හෝ කුඩා බව විය හැකිය.

3. ජනතා මානසිකත්වයට වන බලපෑම

රටේ නායකයාම රට "පොඩි" බව නිරන්තරයෙන් පවසන විට, එය ජනතාව තුළ පරාජිත සහ හීනමාන මානසිකත්වයක් ඇති කිරීමට හේතු විය හැක. දියුණු වන රටවල් සෑම විටම උත්සාහ කරන්නේ තමන් සතු සීමිත සම්පත් තුළින් වුවද ලෝකයේ දැවැන්තයෙකු වීමට මිස, තමන් කුඩා බව පවසමින් පසුබැසීමට නොවේ.

4. සන්දර්භය (Context) වැදගත්ද?

යම් අදහසක් ප්‍රකාශ කළ සන්දර්භය දෙස බැලීමද වැදගත්ය. එය උපහාසයට, විවේචනයට හෝ යම් බැරෑරුම් කරුණක් සරලව තේරුම් කර දීමට පැවසූවක්ද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාරය.

Share with Yash අපගේ අදහසනම් ඉහත මොනයම් අර්ථයක් අරමුණු කොටගෙන වුවද තමන්ගේ මව්බිමට හුණ්ඩුව වැනි වචන යොදාගැනිම සුදුසු නොවන බවයි..විශේෂයෙන්ම රටේ නායකයා එසේ නොකල යුතුයි.කෙසේ වෙතත් අපි සැවොම දන්නා කරුණක් නම් අනුර කුමාර දිසානායක මහතා ඉතා දක්ෂ කතිකයෙක් සහා විවේචකයෙකි..එසේ වුවත් එතුමා දැන් රටේ නායකයායි.විපක්ෂ විවේචකයෙක්ව සිටියදි භාවිතා කල වාග් විලාසය රටක නායකයෙකුට නොගැලපෙන බව එතුමා වටහාගත යුතුය.

රටක නායකයාගේ වචන මාලාව එම රටේ අනාගත දැක්ම පිළිබිඹු කරයි. විවේචන සහ පක්ෂග්‍රාහීත්වයෙන් තොරව බලන විට, මව්බිම කුඩා වුවත් එය "හුණ්ඩුවක්" ලෙස හැඳින්වීම සුදුසුද නැද්ද යන්න පිළිබඳව සමාජ කතිකාවතක් ගොඩනැගීම කාලෝචිතය.

ඔබේ අදහස කුමක්ද? පහළින් Comment කරන්න.

08/03/2026

ලෝක ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ ඉන්දියාවේ "Back-to-Back" ලෝක කුසලාන ජයග්‍රහණය! 🇮🇳🏆

2024 වසරේ ලෝක ශූරයන් වූ ඉන්දීය කණ්ඩායම, නැවත වතාවක් 2026 ICC T20 ලෝක කුසලාන (Champions) කිරුළ ද තමන් සතු කර ගනිමින් මුළු මහත් ක්‍රිකට් ලෝකයම මවිතයට පත් කර තිබෙනවා. අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේ පැවති උණුසුම් අවසන් මහා තරගයේදී නවසීලන්තය පරදවමින් ඔවුන් මේ ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු නොඅනුමානයි.

පිට පිට දෙවතාවක් (2024 සහ 2026) T20 ලෝක කුසලානය දිනාගත් ලොව පළමු කණ්ඩායම බවට පත්වීම මෙම ජයග්‍රහණයේ සුවීශේශිත්වයයි.

රෝහිත් ෂර්මාගෙන් පසු නායකත්වයේ වගකීම මැනවින් ඉටු කරමින් සූර්යකුමාර් යාදව් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීම සහා සංජු සැම්සන්ගේ පිත්තෙන් සහ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවෙන් පෙන්වූ අතිවිශිෂ්ට දක්ෂතා මෙම ජයග්‍රහණයට මාවත සකසා දුන්නා. තම මව්බිමේදීම ලෝක කුසලානයක් දිනා ගැනීමට ලැබීම ඕනෑම කණ්ඩායමකට ලැබෙන සුවිශේෂී ගෞරවයක්.

Share with Yash අපි ප්‍රාර්ථනා කරන්නේ ඉන්දීය කණ්ඩායම පෙන්වූ මේ අසමසම සටන්කාමීත්වය සහ දක්ෂතාවය ඉදිරි තරගාවලි වලදීත් දිගින් දිගටම දකින්නට ලැබේවා කියායි!

සැබෑ ක්‍රිකට් ලෝලීන් ලෙස, ආසියානු කලාපයට ගෙන ආ මේ අභිමානය ගැන ඔබේ අදහස කුමක්ද? නව ලෝක ශූරයින්ට ඔබේ සුබ පැතුම් පහළින් එකතු කරන්න! 👇

08/03/2026

ලංකාව වට කළ ඉරාන නැව්? ආණ්ඩුව සහ විපක්ෂය ගැටෙයි! ඇත්තටම වුණේ මොකක්ද?"

ඉරාන නැව් සහ ශ්‍රී ලංකාවේ භූ-දේශපාලනික අභියෝගය ගැන "Share With Yash" විමසුම

පසුගිය දිනවල ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ සැරිසැරූ ඉරාන නාවික හමුදාවට අයත් යැයි සැලකෙන නෞකා සම්බන්ධ පුවත මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වුණා. ඉන්දියන් සාගරයේ බල අරගලය හමුවේ ශ්‍රී ලංකාව ගනු ලැබූ තීරණ සහ ඒ සම්බන්ධයෙන් විපක්ෂය දැක්වූ ප්‍රතිචාර පිළිබඳව අපි අද විමසා බලමු.

1. ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ ආකාරය

ශ්‍රී ලංකා රජය මෙම ගැටලුවේදී ඉතා කල්පනාකාරී මෙන්ම රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක් අනුගමනය කරනු ලැබුවා.

ජාතික ආරක්ෂාවට මුල්තැන දී ඉරාන නෞකා ලංකාවට ආසන්න මුහුදු සීමාවට පැමිණීම පිළිබඳව නාවික හමුදාව සහ බුද්ධි අංශ මගින් නිරන්තර අධීක්ෂණයක නිරත වුණා.

රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථභාවය අනුගමනය කරමින් මෑතකදී ශ්‍රී ලංකාව විසින් විදේශීය පර්යේෂණ නෞකා සම්බන්ධයෙන් පැනවූ "මොරටෝරියම්" (Moratorium) හෙවත් තාවකාලික තහනම මෙම නෞකාවලට බලපාන්නේද යන්න පිළිබඳව රජය විමසිලිමත් වුණා.

• පර්යේෂණ නෞකා තහනම (Moratorium) යනු කුමක්ද?

ශ්‍රී ලංකා රජය විසින් 2024 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි විදේශීය පර්යේෂණ නෞකා මෙරට වරායන් වෙත පැමිණීම හෝ මෙරට මුහුදු සීමාවේ පර්යේෂණ සිදු කිරීම වසරක කාලයකට තාවකාලිකව නවතා දමා තිබේ.ඉන්දියාව සහ ඇමරිකාව වැනි රටවල් චීන පර්යේෂණ නෞකා පැමිණීම සම්බන්ධයෙන් දැක්වූ විරෝධය සහ ආරක්ෂක ගැටලු මීට බලපෑවේය.

• ඉරාන නෞකාවලට ඇති බලපෑම: ඉරාන නෞකා පර්යේෂණ නෞකා නොව "නාවික හමුදා" (Naval Vessels) ගණයට වැටෙන්නේ නම්, මෙම තහනම ඒවාට සෘජුවම බලපාන්නේ නැත. එහෙත් රජය ඒවාට අවසර දීමේදී ඉතාමත් විමසිලිමත් වන්නේ කලාපීය බලවතුන්ගේ (විශේෂයෙන් ඉන්දියාවේ) ප්‍රතිචාරය පිළිබඳවයි

• ප්‍රතිපත්තිය පැහැදිලි කිරීම: රජය අවධාරණය කළේ ඕනෑම විදේශීය නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීමේදී අනුගමනය කළ යුතු ජාත්‍යන්තර නීති සහ දේශීය ආරක්ෂක ප්‍රොටෝකෝල එලෙසම ක්‍රියාත්මක කරන බවයි.

2. විපක්ෂයේ හැසිරීම සහ විවේචන

විපක්ෂය මෙම සිදුවීම රජයේ දුර්වලතාවයක් ලෙස පෙන්වා දීමට උත්සාහ කළ අතර, ඔවුන් ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් ඉස්මතු කළා

• විදේශ ප්‍රතිපත්තියේ පරස්පරතා: චීන නෞකාවලට පැනවූ තහනම ඉරාන නෞකා සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි ඇතැම් විපක්ෂ කණ්ඩායම් ප්‍රශ්න කළා.

• ආරක්ෂක අවදානම: මෙවැනි යුදමය ස්වභාවයක් සහිත නෞකා මෙරට මුහුදු සීමාවට පැමිණීම හරහා ඉන්දියාව සහ ඇමරිකාව වැනි බලවත් රාජ්‍යයන් සමග ඇති සබඳතාවලට හානි සිදුවිය හැකි බවට ඔවුන් අනතුරු ඇඟවූවා.

පාර්ලිමේන්තු විවාද තුල මේ සම්බන්ධයෙන් විධිමත් ප්‍රකාශයක් රජයෙන් ඉල්ලා සිටීමට විපක්ෂය කටයුතු කළ අතර, එය ජාතික ආරක්ෂාව පිළිබඳ සංවාදයක් ලෙස සමාජගත කිරීමට උත්සාහ කළා.

3. පසුබිම සහ සත්‍ය තත්ත්වය
ඇත්ත වශයෙන්ම සිදු වූයේ කුමක්ද?

සමුද්‍රීය නීතිය නම් ජාත්‍යන්තර මුහුදු සීමාවක (International Waters) ගමන් කිරීමට ඕනෑම රටක නෞකාවකට අයිතියක් පවතිනවා. ගැටලුව පැනනගින්නේ එම නෞකා මෙරට "විශේෂ ආර්ථික කලාපයට" හෝ වරායකට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පමණයි

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවතින්නේ දීර්ඝකාලීන මිත්‍රත්වයක්. විශේෂයෙන්ම තේ අපනයනය සහ බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාවය මෙහිදී වැදගත් වෙනවා.

ඉරාන - ශ්‍රී ලංකා ආර්ථික සබඳතාවයේ වැදගත්කම

ඉරාන නැව් සම්බන්ධයෙන් රජය දැඩි තීරණයක් නොගැනීමට බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තිබේ.

• තේ අපනයනය: ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉරානය ප්‍රධාන වෙළඳපොළකි. "තේ වෙනුවට තෙල්" (Tea-for-Oil) ගනුදෙනුව යටතේ පැරණි ණය පියවීමට ඇති එකඟතාව මෙහිදී ඉතා වැදගත් වේ.

• උමා ඔය ව්‍යාපෘතිය: ඉරාන මූල්‍ය සහ තාක්ෂණික ආධාර මත ක්‍රියාත්මක වූ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මෑතකදී නිම කිරීම හරහා දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වී ඇත.

• බලශක්තිය: අතීතයේ සිටම ශ්‍රී ලංකාවට බොරතෙල් ලබා ගැනීමේදී ඉරානය ප්‍රධාන මූලාශ්‍රයක් විය.

ඉන්දියන් සාගරය තුළ බලය පැතිරවීමට උත්සාහ කරන ප්‍රධාන බලවතුන් (ඇමරිකාව, ඉන්දියාව, චීනය) අතර මැදි නොවී තම ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම ලංකාවට ඇති ලොකුම අභියෝගයයි.

3. විපක්ෂයේ චෝදනාවල සැබෑ ස්වභාවය

විපක්ෂය මෙහිදී රජයට චෝදනා කරන්නේ "ද්විත්ව පිළිවෙතක්" අනුගමනය කරන බව පවසමිනි.

එනම්, එක් රටකට (චීනයට) නීති පනවා තවත් රටකට (ඉරානයට) ලිහිල් පිළිවෙතක් දැක්වීම තුළින් ජාත්‍යන්තරය හමුවේ ලංකාවේ මධ්‍යස්ථභාවය ප්‍රශ්න කෙරෙන බව ඔවුන් පෙන්වා දෙයි.

සාරාංශයක් ලෙස ගත් කල ඉරාන නැව් සම්බන්ධ සිදුවීම හුදු නාවික ගමනාගමනයක් පමණක් නොව, එය ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ උපායමාර්ගික පරීක්ෂණයක් බඳු විය.

ඔබේ අදහසත් පහළින් සටහන් කරන්න! 👇 "

07/03/2026

චුට්ටක් චුට්ටක් චුට්ටක් බලන්න මේ දිහා😂🤌

📰 ගල් අගුරු නිසා නොරොච්චෝල කැඩිල නෑ.. හොදට වැඩ.. විදුලි නිෂ්පාදනේ චුට්ටක් අඩුයි...- කොප් සභාපති
🔥 පුවත කියවන්න 👉 https://daily-kaputa.blogspot.com/2026/03/blog-post_7.html

FOLLOW US ON
📲 Youtube 👉 https://www.youtube.com/channel/UCh6ZuRqZK3TX9yt-ssydQ8g
📲 Whatsapp 👉 https://chat.whatsapp.com/HbZnkK4c3LZ1twpnsD7kw2

06/03/2026

🛑 ඉරාන නෞකාව ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ අසල මුහුදේ තිබෙන IRIS Bushehr ඉරාන නෞකාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ කරුණු කිහිපයක් අනාවරණය කර තිබෙනවා.

වත්මන් යුද තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සැමවිටම මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.දැනට කොළඹ ආසන්නයේ තිබෙන මෙම නෞකාව ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන යාමට තීරණය කර ඇත. නෞකාව ත්‍රිකුණාමලය වෙත ගෙන යාමට පෙර, එහි සිටින පිරිස මුදාගෙන කොළඹ වරාය වෙත රැගෙන ඒම සඳහා නාවික හමුදා යාත්‍රා මගින් මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.

මෙම තීරණාත්මක අවස්ථාවේදී රටේ ආරක්ෂාව සහ ජාත්‍යන්තර සබඳතා තුලිතව පවත්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ. 🚢🇱🇰

ඔබේ අදහස කුමක්ද? පහළින් Comment කරන්න. 👇

Photos from Share With YASH's post 06/03/2026

🌑 2026 වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වෙයි!
ඊයේ රාත්‍රියේ අපේ අහසේ අපූරු දසුනක් මවාපාමින්, 2026 වසරේ ශ්‍රී ලංකාවට දර්ශනය වූ ප්‍රථම චන්ද්‍රග්‍රහණය සිදුවුණා. ඔබත් මේ සුන්දර අවස්ථාව දැකබලා ගත්තාද?

ග්‍රහණය පිළිබඳ වැදගත් තොරතුරු:

කාලසීමාව: විනාඩි 26ක් වැනි කෙටි කාලයක් පමණක් පැවතුණා.

උපරිම අවස්ථාව: පස්වරු 6.27 ට.

අවසානය: පස්වරු 6.47 ට (පියවි ඇසට පෙනෙන අර්ධ චන්ද්‍රග්‍රහණ අවස්ථාව).

විශේෂත්වය: උපරිම අවස්ථාවේදී සඳ මතුපිටින් 30% ක් පමණ පෘථිවියේ පූර්ණ ඡායාවෙන් වැසී ගොස් තිබුණා.

මෙම අලංකාර ඡායාරූප කැමරා කාචයට හසුකරගෙන තිබුණේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී ගයාන් ගුණසේකර මහතා විසිනි.

📸 ඔබත් මේ චන්ද්‍රග්‍රහණය දැක්කා නම් හෝ ඡායාරූපයක් ගත්තා නම් පහළින් comment එකක් දාන්න!

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo