Newslanka
01/04/2026
ලියාපදිංචි තැපෑලෙන් තැපැල්පතිට යවපු ලිපියත් නොලැබෙන ලංකාවේ තැපෑල ගැන විෂය බාර ඇමතිගේ උත්තරය...
https://youtu.be/EnIIqoS90oU
මෙරට සමස්ත ජන සමාජයම එක් වරක් හෝ සේවය ලබාගෙන ඇති ශ්‍රී ලංකා තැපෑල සිය අභිමානවත් බව ක්‍රමයෙන් විනාශ කරගනිමින් පවතින බව මේ වනවිටදී පෙනීයයි. මෙයට හේතු වන්නේ තැපෑලේ සිදුවන අක්‍රමිකතා පිළිබඳව විෂයබාර අමාත්‍යවරයා දක්වන නොසැලකිල්ලයි. විශේෂයෙන්ම පසුගියදා තැපෑලේ වෙබ් අඩවියට පරිගණක හැකර්වරුන්ගේ ප්‍රහාරයක් එල්ලවූ අතර එහි ප්‍රතිපලයක් ලෙස විවිධ ක්‍රම වලින් විශාල පිරිසක් මූල්‍ය වංචාවන්ට හසුවූ බව වාර්තාවිය. මේ සමග තැපැල් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිය වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කෙරී ඇති බවත් ජනතාවට ප්‍රවේසම් වන ලෙසත් දන්වන ලදී.
බොහෝ අවස්ථාවල තැපෑල ගැන ජනතාවගෙන් එල්ලවන චෝදනාවක් වන්නේ සිය ලිපි පාර්සල් අස්ථානගතවීම සම්බන්ධවයි. මේ සම්බන්ධයෙන් ජනතාව නගන චෝදනාවන් වලදී ඒවා ගැන නිසි සොයාබැලීමක් නොකරන බවට හොදම උදාහරණයක් පසුගියදා පෙනුනි. මෙහිදී පාදුක්ක තැපැල් කාර්යාලයේ කවුළු නිළධාරියෙකු සිදුකල රාජකාරී පැහැර හැරීමක් සම්බන්ධව තැපැල්පතිට විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර එම පැමිණිල්ල විද්‍යුත් තැපැල් මගින් සහ ලියාපදිංචි තැපැල් මගින් තැපැල් පති වෙත යවා තිබුනි. මසකට අධික කාලයක් ගතවීත් එම පැමිණිල්ලට කිසිදු පියවරක් නොගැනීම මත ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත ප්‍රකාරව කරුණු විමසීමේදී හෙලිවූයේ ඉතාම හාස්‍යජනක හා කණගාටුදාක පුවතකි.
තැපැල්පතිට ලියාපදිංචි තැපෑලෙන් යැවූ ලිපියත් අස්ථානගතවී ඇති බවයි. මෙහිදී තැපැල් දෙපාර්තමේන්තුව ලබාදුන් පිලිතුරෙන් පෙනී යන්නේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කැබිනට් මාධ්‍ය හමුවේදී විෂයබාර අමත්‍යවරයා වන නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසූවිටදී ඔහු ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.
ලියාපදිංචි තැපෑලෙන් තැපැල්පතිට යවපු ලිපියත් නොලැබෙන ලංකාවේ තැපෑල ගැන විෂය බාර ඇමතිගේ උත්තරය. මෙරට සමස්ත ජන සමාජයම එක් වරක් හෝ සේවය ලබාගෙන ඇති ශ්‍රී ලංකා තැපෑල සිය අභිමානවත් බව ක්‍රමයෙන් විනාශ කරගනිමින් පවත.....
21/03/2026
QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට
https://www.smn24.lk/?p=9911
QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඒ අනුව මෝටර් රථය සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට 25 දක්වා ඉහළ යනු ඇත.
ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට ලීටර් 20 දක්වා ඉහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
වෑන් රථ සඳහා මීට පෙර සතියකට ලීටර් 40ක් ලබා දුන්න ද එම ප්‍රමාණය ලීටර් 50 දක්වා ඉහළ දැමීමට පියවරගෙන තිබේ.
යතුරුපැදි සඳහා ලබා දුන් ලීටර් 5ක ඉන්ධන කෝටාව ලීටර් 8 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
බස් රථ සඳහා ලබා දුන් ලීටර් 60ක ඉන්ධන ප්‍රමාණය ලීටර් 100 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
ඉඩම් වාහනය සඳහා මීට පෙර ලබා දුන් ලීටර් 25ක ඉන්ධන ප්‍රමාණය නව සංශෝධනයට අනුව ඉහළ දමා ඇත්තේ ලීටර් 40 දක්වාය.
කෙසේවෙතත් ලොරි රථ සඳහා ලබා දුන් ලීටර් 200ක ප්‍රමාණය සහ විශේෂ කාර්ය වාහනය සඳහා ලබා දුන් ලීටර් 40ක ප්‍රමාණය සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් නිවේදනය කරයි
21/03/2026
ඔබත් හදිසියට ගන්න ඉන්ධන ගබඩා කරගෙන ඉන්නවද මේ ගැන දැනුවත් වෙන්න.
https://www.smn24.lk/?p=9888
වර්තමානයේ පවතින ඉන්ධන සම්බන්ධ සීමාකිරීම් සහ ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල කලගත කිරීමට සිදුවීම නිසා සමහර අය තමන්ගේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානවල අමතර ඉන්ධන යම් ප්‍රමාණයක් ගබඩා කරගෙන තබාගැනීමට කටයුතු කරන බව පෙනීයනවා. පසුගිය දිනවල රටේ දෛනික ඉන්ධන අලෙවි දත්ත පිරික්සීමේදී පෙනී යන්නේ සාමාන්‍ය පරිභෝජනයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ඉන්ධන හල්වලින් ජනතාව වෙත නිකුත් කර තිබෙන බවයි. ඒ අනුව දෛනික පරිභෝජනයෙන් පරිබාහිරව අනාරක්ෂිතව ඉන්ධන ගබඩා කිරීම සිදුවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථා වාර්තා සදහන් කරයි.
මේ ආකාරයට ඉන්ධන ගබඩා කර ගැනීම එක පැත්තකින් නීතී විරෝධී කටයුත්තක් වගේම තවත් පැත්තකින් බරපතල අවධානම් කටයුත්තක්. ඉන්ධන රැස්කරන ගොඩක් දෙනෙක් මේ ගැන වැඩිය හිතන්නෙ නැහැ. ඒක නිසා මේ දේවල් ගැන දැනුවත් වී කටයුතු කරන්න.
කල් ඉකුත්වීම.
පෙට්‍රල් වගේම ඩීසල් කියන්නේ කාලයත් එක්ක අනිවාර්යයෙන්ම කල් ඉකුත් වෙන දේවල්.
පෙට්‍රල් සාමාන්‍යයෙන් හොඳ තත්වයේ තියාගන්න පුලුවන් උපරිම මාස 3ත් 6ත් අතර කාලයක් විතරයි කියලා තමයි පර්යේෂණ වලින් තහවුරු වෙලා තියන්නෙ. ඊට පස්සේ වාෂ්ප වෙලා, රසායනිකව වෙනස් වෙලා උකු ගතිය වැඩිවෙනවා. මේ පරණ තෙල් පාවිච්චි කළොත්, විශේෂයෙන්ම වටිනාකමින් වැඩි නවීන සහ SUV වාහන වල එන්ජිමේ ඉන්ජෙක්ටර් සහ ෆිල්ටර් වලට ලොකු හානියක් වෙන්න පුළුවන්.
ඩීසල් ගත්තොත් සාමාන්‍යයෙන් මාස 6ක් 12ක් වගේ තියාගන්න පුළුවන්. හැබැයි බැරල් වල හරි කෑන් වල හරි තියද්දී ඇතුළේ වතුර වාෂ්ප බැඳිලා, ඒකෙ බැක්ටීරියා හැදිලා ඩීසල් නරක් වෙන එක තමයි ප්‍රධානම ප්‍රශ්නය.
ගිනි අවධානම.
ඒ වගේම ගෙදරක හරි ව්‍යාපාරික ස්ථානයක (ඔෆිස් එකක හරි ෂෝරූම් එකක හරි) මේ විදියට තෙල් ගබඩා කරලා තියෙද්දී ගින්නක් ආවොත්, ඉන් සිද්ධවෙන හානිය සාමාන්‍ය තත්වයකට වඩා වැඩි වෙනවා වගේම දේපළ රක්ෂණය කර තිබුනොත් ඒ සඳහා වන රක්ෂණ වන්දිය (Insurance Claim) ප්‍රතික්ෂේප කිරීමටත් අදාල රක්ෂණ ආයතනය කටයුතු කරනවා. ඒකට ප්‍රධානම හේතු තමා,
අවදානම වෙනස් කිරීම (Alteration of Risk): සාමාන්‍ය ගෙදරකට හෝ ව්‍යාපාරික ස්ථානයකට දෙන රක්ෂණ ඔප්පුවෙන් තෙල් ගබඩා කිරීමේ අවදානම ආවරණය කරන්නේ නෑ. තෙල් කියන්නේ අතිශයින් ගිනිගන්නා සුලු දෙයක්. රක්ෂණ සමාගමට දැනුම් දෙන්නේ නැතුව මේවා තියාගැනීම රක්ෂණ කොන්දේසි උල්ලංඝනය කිරීමක්.
නීති විරෝධී ගබඩා කිරීම: ලංකාවේ නීතිය අනුව පෙට්‍රල් හෝ ඩීසල් තොග වශයෙන් ගබඩා කරන්න විශේෂ බලපත්‍ර (Licenses) ඕනෑ. ඒ බලපත්‍ර නැතුව තියාගෙන ඉද්දි ගින්නක් වුණොත්, ඒක නීති විරෝධී ක්‍රියාවක් නිසා රක්ෂණ සමාගම වන්දි ගෙවීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා.
ගින්න ඇතිවුණේ ෂෝට් සර්කිට් එකකින් වගේ වෙනත් හේතුවක් නිසා වුණත්, ගබඩා කරලා තිබුණු තෙල් නිසා ගින්න වේගයෙන් පැතිරුණා කියලා ඔප්පු වුණොත් කිසිම වන්දියක් ලැබෙන්නේ නෑ.
නීතිය.
වැදගත්ම කාරණාව තමයි. මෙසේ ඉන්ධන ගබඩා කරගෙන තිබීම නීතී විරෝධී කටයුත්තක්. අනවසරයෙන් ඉන්ධන ගබඩා කිරීම ලංකාවේ නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක්. පොලීසිය සහ ආරක්ෂක අංශ මේ පිළිබඳව දැඩි සෝදිසියෙන් පසුවන අතර, අධිකරණ ක්‍රියාමාර්ග හරහා විශාල දඩ මුදල් හෝ සිරදඬුවම් හිමිවීමට ඉඩ ඇත.
ඉතිං ඒක නිසා කිසිම වෙලාවක ඉන්ධන තොග රැස්කරලා තියාගන්න එපා. මොකද පවුලේ සාමාජිකයන් ඉන්න ගෙදරක් එහෙම නැත්නම් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් මේ වගේ ඉන්ධන තොගයක් නිසා සම්පූර්ණ අවදානමකට ලක් කරන එක කොහෙත්ම නුවණට හුරු වැඩක් නෙමෙයි. මොකද ගින්නක් ඇති වුණොත් දේපළත් විනාශ වෙලා, රක්ෂණ වන්දියත් නැති වෙලා යනවා විතරක් නෙමෙයි ජීවිත පවා අවදානමට ලක් වෙනවා. හදිසියකට යැයි සිතා ඔබ රැස්කරන ඉන්ධන ලීටර කිහිපය, දශක ගණනාවක් මහන්සියෙන් ඉපයූ ඔබේ දේපළත්, වටිනා ජීවිතත් අළු කර දැමීමට සමත් විය හැකිය. එබැවින් බුද්ධිමත් වන්න, අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වැළකී ඔබේත්, පවුලේත් ආරක්ෂාව තහවුරු කරගන්න.
QR ගැටළුව දැන් බොහෝ දුරට අවසන්. ඉන්ධන හා විදුලිය මිළ ඉහල දැමීමට තවම තීරණයක් ගෙන නැහැ ඇමති කියයි.
📌 https://www.youtube.com/
📌 https://facebook.com/smn24news
📌 https://www.smn24.lk/
📌 https://smn24news.blogspot.com
📌 https://www.tiktok.com/
📌 twitter.com/smn24lk
📌 https://www.instagram.com/smn24lk/
📌 https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o
📌 https://whatsapp.com/channel/0029VakhRKSInlqP974S5V0R
17/03/2026
දෛනික ජනජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට රජය ගත පියවර
දෛනික ජනජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට රජය ගත පියවර එක්වන්න අපගේ සමාජ මාධ්‍යය ජාලා සමග...🛑ෆේස් බුක්/facebook https://facebook.com/smn24news🛑යූ ටියුබ්/youtube www.youtube.com/🛑වෙබ්/web https://www....
කැමරාව දැක්ක ගමන් පොලිස් මහත්තයා මාරු
https://youtu.be/MeUWx7HyyKc
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo, Western
Colombo
01