Flight Zone

Flight Zone

Share

08/05/2026

BREAKING NEWS | ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අභාවප්‍රාප්ත වෙයි - සිරුර කොල්ලුපිටියේ පිහිටි ඒ මහතාගේ නිවසින් හමුවෙයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකු වූ කපිල චන්ද්‍රසේන මහතාගේ අභාවය පිළිබඳ පුවතක් දැන් වාර්තා වනවා. ඒ මහතාගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසක තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

26/04/2026

අද ලෝක ගුවන් නියමුවන්ගේ දිනයයි ! ❤✈👨‍✈️
ගුවනේදී අපේ ජිවීත සුරකින ඔබ සැමට අපගේ ප්‍රණාමය ❤✈
At Flightzone, we salute your passion, precision, and courage. 💙

Tag a pilot you admire and show your respect today! 🙌

30/03/2026

ටික දොහොකින් මට සිරිදෝරිස් උන්නැහැව මුලිච්චි වෙන්නට බැරි වුණේ මගේ ඉගෙනීමේ වැඩ නිසාය. 📚 කොහොමින් හරි එක දවසක් අපේ ගෙදර තැඹිලි ගහෙන් තැඹිලි ගෙඩියක් කඩා බොන ගමන් ඉන්දැද්දි, සිරිදෝරිස් උන්දා අපේ ගෙවල් පැත්තට එනවා මා දැක්කාය. 🌴🥥

උන්නැහේ මා ඈත තියා දැක, "කොල්ලෝ මටත් තැඹිලි ගෙඩියක් කපාලා ගනින්" කියා කීවේ, මම උන්දාට ගෙදර ඇතුළට යන්න නොදී තවත් Aviation කතාවක් අහගන්නා බව හොඳ හැටි දන්නා නිසාද වෙන්නට පුළුවනය. 👴✨

ඔහෙලට මතක ඇති නෙව එදා මම දෙඩුව ඇලුමිනියම් පනිට්ටු දෙක ගැන? ඉතින් මම උන්දැගෙන් ඇහුවා, "සීයේ.. අර සීයා කීව පනිට්ටු දෙකෙන් විතරක් අහස් යන්තරාවක් ආකාසෙට ගන්න ඇහැකිද?" කියාය. 🤔 එවලේ උන්දාට ආපු හිනාවට, තව පොඩ්ඩෙන් උන්දා ඉදුණු වරකා ගෙඩියක් බිම වැටෙන්නාහේ බිම වැටෙනවාය! 🤣

"එහෙම නෙමෙයි කොල්ලෝ.. අහස් යන්තරේ ආකාසගත වෙන්න ඕනි මූලිකම දේ උඹ නොදැන ඉන්නත් බෑ හැබැයි" කියා උන්දා කීවේය. එවලේ මම මාගේ Aviation දැනුම පාවිච්චි කරලා ඒක "Lift Force" එක කියා කීවාය. 🤓 ඊට පස්සෙන් පහු උන්දෑ වෙනදා මෙන් දේශනාව පටන් ගත්තාය. 🎤

ඔන්න එහෙනම් අහගන්නවලකෝ සිරිදෝරිස් මට කියපු, මාරි කියුරි පියරේ කියුරිට කියපු, පියරේ කියුරි ඊෂ්වර දෙයියන්ට කියපු, ඊෂ්වර දෙයියෝ තමන්ගේ වයිෆ්ට කියපු ඒ කතාව! 🗣️🔥

ඔහෙලා දැකලා තියෙනවාද හුඹහෙන් ඇදලා ගත්ත තලගොයෙක්? 🦎 ආන්න ඒ තලගොයා මහතාගේ පිට වගේ තමා අහස් යන්තරාවේ තටුවේ උඩ හැඩේ! හැබැයි පුතෝ තටුවේ යට නම් මිරිස් ගලක් වගේ පැතලිය. 🌶️🪨

අහස් යන්තරාව රන්වේ එකේ වේගෙන් දුවද්දි එන හුළං පාර දෙකට බෙදිලා උඩිනුයි යටිනුයි යනවාය. 🌬️ ඒ උඩින් යන හුළං පාරට "කඩි කුලප්පුව" හැදිලාය! 🐜 උන්දෑ ගෑනි බලන්න යන්නාහේ වේගෙන් යන්න හදනවාය. ඒත් යටින් යන හුළං පාරට කිසි හදිස්සියක් නැතිය. උන්නැහැ සාන්ත ගමනක් තියාගෙන හෙමින් යන්නේ සිල් ගත්තා වාගේය. 🧘‍♂️

ඔය වේගෙන් යන හුළඟට පීඩනයක් නැතිය. හරියට වැටට දාපු සරමක් හුළඟට උඩට ඉස්සෙනවා වගේ, තටුවට උඩින් හුළං යද්දි එතන තියෙන තෙරපුම අඩු වෙනවාය. 💨🆙 ඕං ඔය වෙලේ අති සුපිරිම ගනයේ අමුතු ටෙකනලෝජියාවක් වෙනවාය! ඒ යටින් තියෙන හෙමින් යන හුළඟ හිමීට තටු දෙක උස්සන්න Try කරනවාය. ⬆️✈️

ඔය කතාව Bernoulli කියලා හාදයෙක් "Bernoulli's Principle" කියලා concept එකකින් ඔප්පු කරලා තියෙනවාය. 👨‍හස උන්නැහේ මාර වැඩ්ඩෙක්ය! ඒ කාලේ උන්නැහැට ඒක කොහොම හිතුණද දන්නැති වුණාට, මට නම් ඒක තේරුණේ වැටේ වේලෙන සරම දැකලාය. 👗🌬️

ඔහෙලා බස් එහෙක යද්දි ජනෙලෙන් අත එළියට දාලා අල්ල පොඩ්ඩක් උඩට ඇල කරලා බලලා තියෙනවාද? 🚌🖐️ අන්න එවලේට හුළං පාර අතට වැදිලා අත උඩට විසිවෙනවා ඔහෙලා අත්දැකලා ඇතිය. අන්න ඒ වාගේ සීන් කෝන් එකක් මෙතනදීත් වෙනවාය.

අහස් යන්තරේ නහය පොඩ්ඩක් උඩට ඉස්සුවාම ඒකට වදින හුළං කන්දරාවෙන් තවත් තල්ලුවක් ආකාසෙට යන්න ලැබෙනවාය. 👃🆙 හැබැයි පුතෝ ඕනිවට වඩා නහය ඉස්සුවොත් "Stall" වෙලා, හුස්ම හිරවුණු කුරුල්ලෙක් වගේ බිමට පතබෑවෙන්නත් ඇහැකි බව මට කීවේ සිරිදෝරිස්ය. 🛑📉 ඒකට කියන්නේ "Angle of Attack" කියාය.

ඉතින් ඕන්නෝකයි මේ යකඩ කුරුල්ලා අහසේ පාවෙන රහස! ආයෙමත් සිරිදෝරිස්ගේ අහස් කතාවක් ඇන්න එනකම් මයෙ අප්පලා හොඳින් ඉන්න ඕනි හොඳේ! 🫡✨

කතෲගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් 🚫

✍️ Ishan Menuka

08/03/2026

ඔහෙලට මතක ඇති නෙව මට සිරිදෝරිස් උන්නැහැ දෙවැටෙදි හම්බෙලා runway lights ගැන කීව කතන්දරේ...... 👴💡 ඉතින් ඊට ටික දොහොකට පස්සෙන් පහු මම ගමේ කඩමන්ඩියට වැදිලා තේ කහට එකක් තොල ගාන ගමන් පත්තරේ බල බල ඉන්දැද්දි සිරිදෝරිස් උන්නැහැ එතන්ට ආවාය. ☕📰🚶‍♂️ උන්දෑ කඩෙන් තේකක් ඇන්න මගේ ලගින් ඉදගත්තාය. 🪑 මම උන්දැගෙන් ඇහුව සීයෙ මොකද මේ හැමෝම අහස් යන්තර ගැන කියද්දි කලු පෙටිටියක් ගැන මර ළතෝනි දෙන්නෙ ඒක කියන තරම් කලු ය? කියා ✈️🗃️🤔 එවලේ සිරිදෝරිස් උන්දෑට ආපු හිනාවට උන්දෑගෙ සරම ගැලවෙන්නට ගියාය. 😂🤦‍♂️ තව පොඩ්ඩෙන් අතේ තිබ්බ තේකත් බිම පෙරල ගන්නවා ය. ☕💦 එවලේ මට සිතුනේ මේ මොන කුන්ඩවාල පෙට්ටියක්ද මේ කියාය. 📦❓ ඔහෙල කල්පනා කරනව ඇති මම අරම හිතුවෙ මක්කටෙයි කියා ඉතින් හත්වලාමේ අහස් යන්තරේ කලු පෙට්ටිය කලුද ඇහැවම ඒකට එකපාර හෙණයක් කඩාපාත් වුනා හේ සරම ගලෝගන්න ඕනැය. ⚡👖😅 කොහොමින් කොහොමින් හරි උන්දා එදාත් උන්දගෙ දැනුම පාවිච්චි කොරල මක්කද මේ අහස් යන්තරේ ඇතුලෙ ඉන්න බහිරවය කියා කියා දුන්නාය. 🧠👹 ඉතින් ඔහෙලත් අහගන්නවලකො ඒ බහිරව කලු පෙට්ටි උන්නාන්සෙ ගැන . 🎧👇

සිරිදෝරිස් උන්දට අනුව කීව පමණින් යකා කලු නැත කීව වගේ කලු පෙටිටිය කලු නැතිය. ⬛❌ මම ඒම කීවම ඔහෙලට හිතෙන්න ඇහැකි කලු පෙටිටිය කියන්නෙ අහස් යන්තරේ ඉන්නා යකෙක්ද කියා එහෙම මගුලක් නෙමේ වලාමේ මම මේ ඔහෙලට දොඩන්නෙ ඉතින් මේ කලු පෙට්ටිය කියන උපකරනෙ කලු පාට නැතිය.තැඹිලි පාට ය. 🟧 හරියට අවුරුදු කාලේට ගෙදරට ගේන තැඹිලි පාට කේක් ගෙඩියක් වාගේ ය. 🍰😋 ඔහෙලට හිතෙන්න පුලුවන් අර මක්කටෙයි තැඹිලි පාට කියා. 🤔 ඉතින් වලාමේ අහස් යන්තරේ උඩදි මක්ක හරි වෙලා ගඟ ක හරි මූදක හරි පතබෑවුනොත් ඒ අහස්‍යන්තරේ කෑලි එක්කෝටි පනස්ලක්සඅසූනමදාස් අටසිය එකොළහ අස්සෙ මේ කියන කලු පෙටිටිය ලේසියෙන් හොයාගන්න එපාය. 💥🌊🔍 එන්න ඒ නිසා තමා ඒ පෙටිටිය තබිලි පාට කොරල තියන්නෙ. 🟧✨ ඉතින් ඔහෙලට හිතෙන්න පුලුවන් අහවල් මගුලක් ක මේ පෙටිටිය අස්සෙ තියෙන්නෙ ඒක ඔච්චර වටිනවද කියා ඇත්තටම කීවොත් මේ පුස්කාපු පීසා කෑල්ල ඇතුළෙ තව ලූනු කෑලි වාගේ පෙටිටි දෙකක් තියනවාය. 🍕🧅📦

පළවෙනි පෙට්ටිය FDR ය Flight Data Recorder කියන්නෙ මේකටය මේකෙ ඇතුළෙ අහස්‍යන්තරේ කොච්චරක් උඩකින් ගියාද වේගය කීයද වගේ දේවලුත්, අර සිරිදෝරිස් ගේ අන්දොස් පයිලට් යාළුව වගේ පොරවල් වැරදියට කරන දේවලුත් මේකෙ සටහන් වෙනවාය. 📊📈✈️ ඕං බලමුකො ඒකෙත් හැටී ඉතින් කොහොමෙන් හරි මේ පුස් කාපු රොටි කෑල්ල ඇතුළෙ තවත් එක ලූනු කෑල්ල හේ පෙටිටියක් තියනවාය. 🫓📦 ඒ CVR ය මේක අති සුපිරිම ගනයේ සුපිරි බාණ්ඩයක් ය ඒ මක්කද කියනො නම් පයිලට් මහත්තුරු කොක්පිට් එකේ කතා කරන හැම ඕපදූපයක් ම මේකෙ රෙකෝඩ් වෙනවාය. 🎙️🗣️🤫 ඉතින් ඔහෙල පයිලට් මහත්තුරු වෙලා කොක්පිට් එකට ගියාම කේලම් ඇදබාන්න ඒම නම් හිතන්නවත් එපා හොදේ. 🚫🙊 එක දොහොක අර යාළු පයිලට් එක්ක Flight එකක් කරද්දි අතඇරපන් යකෝ ඔය Cut off switch එක කියලා කෑගහපු සද්දෙ පවා CVR එකෙන් නැවත අහන්න පුලුවන් බව කීවේ සිරිදෝරිස් උන්නැහැය. 🤬🎛️🎧

ඉතින් ඔහෙලට හිතෙන්න ඇහැකි දියමන්තියක් හේ වටින මේවගේ ගැජමැටික් කෑල්ලක් මොන කොස් ඇටයක් පාවිච්චි කරල හදනව ඇතිද කියා. 💎🥥⚙️ ඉතින් සිරිදෝරිස් උන්දා ට අනුව මේක කුඩු කරන්න සක්කරයට වත් බැරිය. වෙන එකක් තියා උන්දගෙ පුතා වයිමා ආවත් බැරිය. 🔨❌💪 සිරිදෝරිස් ගෙ instructor pilot කීවේ මේක කඩනෙක හීනයක් විතරයි මහත්තයෝ කියා ය. කියා මට කීවේ සිරිදෝරිස් ය.මේ ගැජමැටික් එක හදන්න පාවිච්චි කරපු කොස් ඇටේ Stainless steel හරි titanium හරි කියන සුපිරිම ලෝහ වලින් ය. 🛡️🔩 තෝර් ගේ මිටිය හදල තියන්නෙත් ටයිටේනියම් වලින් කියා තෝර් මට දවසක් හීනෙන් ඇවිත් කීවා මට මතකය. 🔨🦸‍♂️💭 ඒ මදිවාට මේ පෙටිටිය හෙන තද පීඩනයකටත් ඔරොත්තු දෙනවාය. 🗜️💪 උඩදි මක්ක හරි වෙලා ප්ලේන් එක බිම වැටිල ගිනි ගත්තත් මේකට මක්වත් වෙන්නෙ නැතිය. 🔥🛩️ සිරිදෝරිස් ට අනුව මේක 1100°Cක ගිනි ගහන රස්නෙක පැයක් තිබ්බත් මේ ගැජමැටික් එකට මක්වත් වෙන්නෙ නැතිය. 🌡️🔥🛡️

ඉතින් ඔහෙලට හිතෙන්න පුලුවන මේ ගැජමැටික් රාජය මුහුදෙ වැටුනොත් උන්දෑගෙ කෙරුම් සේරම ඉවරය කියා. 🌊😨 ඒත් මේ ගැජමැටික් රාජය ඇතුළේ ඒකටද අතිසුපිරිම ගනයේ ටෙකනලෝජියා එකක් තියනවාය. ⚙️🧠 මේ අරුම පුදුම පෙට්ටිය මුහුදෙ වැටුනොත් ඒකෙන් මාව හොයාගනියව් යකුනේ කියල පීං පීං ගාල සිග්නල් එකක් දෙනවාය. 📡🔊🚨 හැබැයි ඉතින් මාසයක් ඇතුළේ හොයා ගන්න ඕනෑය. නැත්තම් සොරි ඩොට් කොම් ය. ⏳💀

ඉතින් ඕකයි කලු පෙට්ටියෙ කතන්දරේ.. ආයෙමත් සිරිදෝරිස් ගේ අහස් කතාවක් ඇන්න එනකම් හොදින් ඉන්න ඕනි හොදේ............. 👋😊

කතෲගේ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම් 🚫

✍️ Ishan Menuka

Want your organization to be the top-listed Non Profit Organization in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Colombo
00700