Aruni's Yummy Cooking
12/06/2026
ආදරණීය සොඳුරු සිතැති ඔබ සැමටම උදා වූ අද දවස ලස්සන මතක එක්කාසු වන ලස්සන සතුටු දවසක් වේවා ❤️
අද උදේ තේ වෙලාව 💛
ඊයේ රෑ ඉඳන්ම සැරින් සැරේ වැස්ස.... ඉතින් මෙහෙම වෙලාවක උණුසුම් කිරි කෝපි එකක් බොන ගමන් පොතක් කියවද්දී දැනෙන හැඟීම හරිම ලස්සනයි.....තවම කියවලා ඉවර කරන්න බැරි වුණ පොතේ තව පිටු ටිකක් ඉස්සරහට කියවගෙන යන ගමන් බිස්කට් කාලා කිරි කෝපි එකක් බොමු....
මගේ coffee Corner එකට එකතු වුණ අලුත්ම Tea Stand එක....මට ඕන විදිහට හරිම simple design එකකට හදා ගත්තේ Yesmin Furniture එකෙන්.....
04/06/2026
ආදරණීය සොඳුරු සිතැති ඔබ සැමදෙනාම හොඳින් නේද....
අද අරගෙන ආවේ නම් කලින් දවසක හදපු අතුරුපසක්....
මාරි බිස්කට් කැරමල් පුඩින් (Marie Biscuits Caramel Pudding)😋🍰
මේ මම මුලින්ම හදද්දී ගත්ත රෙසිපිය... දැන් නම් මම අවශ්‍ය ප්‍රමාණ හිතේ ගානට වෙනස් කර ගන්නවා
මාරි බිස්කට් 25
බිත්තර 5
සීනි 100g
වැනිලා තේ හැඳි 2
සීනි මේස හැඳි 4 (කැරමල් කිරීමට)
ෆ්‍රෙෂ් මිල්ක් 450ml
බිස්කට් කිරි මිශ්‍ර කර විනාඩි 2ක් පමණ තබන්න.එයට බිත්තර, වැනිලා, සීනි 100g එකතු කර හොඳින් 7/8වතාවක් බ්ලෙන්ඩ් කරන්න.
භාජනයක් ගෙන සීනි මේස හැඳි 4දමා කැරමල් කරන්න.
එයට කලින් බ්ලෙන්ඩ් කර ගත් මිශ්‍රණය දමා හොඳින් වසා හුමාලයෙන් විනාඩි 40ක් පමණ තම්බා ගන්න....
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
00700