U-Turn

U-Turn

Share

01/10/2025

මව සහ පියා පිළිකා රෝගී තත්වයකින් පෙළෙන (පිළිකා සහ වකුගඩු රෝගී) පාසල් යන වයසේ දරුවෙකුට අධ්‍යාපන කටයුතු සඳහා සහයවිය හැකි අයෙක් සිටී නම් කාරුණිකව දන්වන්න.

01/10/2025

මනා සිහියෙන් සිත පාලනය කරමින් කෙලෙස් සිත තුළ බලවත් වන අයුරු නුවණින් දැක. ප්‍රශ්න ගැටලු ඉදිරියේ විසදුම් සොයන්න.

දමනය නොකළ කෙලෙස් සහිත සිත තරම් ඔබව අනතුරේ හෙලන තවත් බාහිර සතුරෙකු නොමැත.

Photos from U-Turn's post 04/11/2023

මෙහෙම පෝස්ට් ගොඩක් මේ දවස් වල මං දකිනව...
ඉතිං දුකින් ඉන්න ඔයාලට මගෙ ආදරේ දෙන්න හිතුනා...🥺♥️

මෙහෙම හිතෙන දවස් වලට හිත ගොඩක් හයිය කරගන්න ලස්සන ළමයෝ...
අමාරු දවස් අපි කාටත් පොදුයි...

එහෙම දවස් වලදි හිතින් වැටෙනන්නෙපා
වෙලා අරං ඔයා වෙනුවෙන්ම
ඇස් පියාගන හොද වොශ් එකක් ගන්න... නැත්තං නාගන්න...
වතුර බින්දු ඇගට වැටෙනකොට දැනෙන හැගීමෙන්
හිතයි ගතයි දෙකම ප්‍රබෝධමත් වෙන්න දෙන්න...
උණුවෙන් මොනව හරි බොන්න
ආස දෙයක් කන්න...
ඒ ගමන් සුබවාදීව හිතන්න...
මේ විශ්වය හරිම සුන්දරයි...
ආදරණීයයි...
ඇස් ඇරගන වගේම පියාගනත් ඒක විදගන්න...

ආසම ෆිල්ම් එකක් බලන්න
තමන් එක්කම ටිකක් ආදරණීයව තනිවෙන්න...
ආසම සිංදුවක් අහන ගමං ඔයාගෙ ජීවිතේ සුබවාදීව දකින්න උත්සහ කරන්න...
ලේසී අල්ලං ඉන්න එක අමාරුයි අතහරින එක
හැබැයි කොච්චර අමාරු උනත් අතහැරීමමයි සැනසීම...
ඉතිං පුංචි ළමයෝ දුක ගේන දේවල් අතාරින්න
හිත හිත තැවෙන්නෙපා...
හිත හිත විදින්න පුලුවං විදියේ සැනසීමක් ගේන දේ විතරක් තෝරගන්න...

ඔයා හරි ලස්සන ජීවිතයක් තියන වටින ළමයෙක්...
ඉතිං නැගිටින්න වට්ටන්න බැරි වෙන්නම...
ඔයාගෙ ජීවිතේ ඔයා වෙනුවෙන්ම හරි ලස්සනට පිපෙන්න...
අනිවාර්‍යෙන්ම ඔයා කැමති ආස හැමදේම හරිම වෙලාවෙදි ඔයාට ලැබෙයි ලස්සන ළමයෝ...
ඉතිං සතුටින් ඉන්න...
අපි පුරුදු වෙන්නම ඕන තනියම සටන් කරන්න...
ඔව් අනිවාර්‍යෙන්ම ඔයාට පුලුවං...
හීන දිනන්න සටන් කරන හැම ලස්සන අහිංසක හිතකටම ජය...
ආදරෙයි...🌸♥️😘

~සාරා.✍️

සාරංගා දිල්රුක්ෂි ✍️

31/10/2023

මේ පෝස්ට් එක මම උපුටා ගත්තෙ fb එකෙන්,
චුට්ටක් ඔලුවට තට්ටු කරලා බලන්න ... ඔයාටත් මෙහෙම කෑදර කමක් ජීවිතේ ගැන තියෙනවද, ඔයත් භාහිර මිනිස්සු හොය හොයා යනවද, ඔයාගෙ ජීවිතේට දේවතාවියක් ආවත් ඔයාට ඔයාගෙ මමත්වයෙන් කෑදරකමින් පහලවන කිලිටි සිතුවිලි වලින් අනිත් අය පේන්නෙ... ඔයාගෙ ආත්මය සුවපත් කරන්න එන කෙනාට පවා ඔයා පයින් ගහලා යයි කර්ම ස්වාභාවයට... ප්‍රේමය වෙනයි ප්‍රේතකම වෙනයි ! 👇

=====================================

එක කාලෙකදි ජීවිතේට ආව කෙනෙක්ට ඔයා මෙහෙම කියලා ඇති.

"අපරාදෙ ඇයි මට ඔයාව මීට කලින් හම්බුනේ නැත්තේ. ! "

වැරදි අයව ජීවිතේට ලං කරගෙන අපි කොච්චර කාලෙ නාස්ති කරගන්න ඇතිද.'

නෑ..

මේ හැමදේම විශ්වයේ සැලැස්මක්.
හරිම කෙනා හරිම කාලෙදි මුණගැහෙනවා.

ඒත් ඊට කලින්, අපිව ඒ තැනට හදන්න විශ්වය අපිට වැරදි මිනිස්සු මුණගස්වනවා.
ඒ හැම කෙනෙක්ම අපිට දෙයක් උගන්නනවා.

බලන්න,
වැරදි මිනිස්සු ජීවිතේට ආවෙ නැත්තන් කොහොමද ඔයා හොඳ මිනිස්සු අඳුරගන්නෙ.?

ඔයාගෙ ජීවිතෙන් කෙනෙක් අයින් වෙලා යනවනම් දුක් වෙන්න එපා.
විශ්වයේ සැලැස්ම ඊට වඩා ලොකුයි.

ජීවිතේ වැරදුනු තැන් ගැන දුක් වෙන්න, පසුතැවෙන්න එපා.
වැරදුනු හින්දයි ඔයා ඉගෙනගත්තෙ.

හොඳට බලන්න,
එදා හිටිය ඔයාද අද ඉන්නෙ.

නෑ.
හිත් රිදීම්,
කඩාවැටීම්,
වැරදීම් එක්ක මිනිස්සු ඉගෙනගන්නවා.
හිටියටත් වඩා ශක්තිමත් වෙනවා.

හැමදේම වෙන්නෙ වෙන්න තියෙන හොඳම විදිහට.

මතක තියාගන්න.
හොඳම දේ ජීවිතේට ලැබෙන්නෙ නරකම දේවල් වලින් හෙම්බත් උනාට පස්සෙ..

♥️🌻💫

උපුටා ගැනීම : Sepalika Gamage

28/10/2023

මට ප්‍රශ්න එනව ඇති හැබැයි මගෙ ජීවිතෙ කවදාවත් මට වරදින්නෙ නැ.

මොකද අදටත් මන් කරපු හැමදේම අවංකව හිතට එකඟව කරපු නිසා.

මේ නිසා කවදාවත් මට ලෝකෙ ගැන කලකිරීමක් පසුතැවීමක් ආවත් මගෙ ගැන මට එහෙම වෙන් නැ.

"ඔයා හරි ලස්සන ආත්මයක් දරුවො" 💙

📌 මන් නිතරම හිතන්නෙ එහෙම

✍️ By Bhagyhani Jayawardhana

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Art

Website

Address

Colombo