D R Kitchen

D R Kitchen

Share

25/06/2026

♥️✨ WE ARE BACK ✨♥️

ජීවිතේ සමහර වෙලාවට අපි කැමති දේවල් ටිකක් නවත්තලා ඉන්න වෙන අවස්ථා එනවා…

අසනීප තත්ත්වයක් නිසා අපේ D R Kitchen ටික කාලයක් නවත්වන්න වුණා.
ඒත් මේ වෙද්දි අපි — මමයි මගේ husbandයි — ආයෙත් අලුත් බලාපොරොත්තු එක්ක අපේ ගමන පටන් ගන්නවා ❤️

ඔයාලා කලින් දුන්න support එක අපිට ගොඩක් වටිනවා.
ඒ වගේම ආයෙත් අපි හදන homemade Watalappam රස බලලා, අපේ මේ අලුත් restart එකට support කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා 🙏✨

🍮 Freshly made with love
🏠 Homemade quality
📩 Orders are now open again!

කුඩා business එකක් support කරන එක, කෙනෙක්ගේ හීනයක් ඉස්සරහට ගෙනියන එකක් ❤️

18/06/2026

“ජීවිතය කියන්නේ හැමදාම ජයග්‍රහණවලින් පිරුණු ගමනක් නෙවෙයි. සමහර දවස්වල වැටෙන්නත් වෙනවා, සමහර වෙලාවට තනියම සටන් කරන්නත් වෙනවා. ඒත් නවතින්නේ නැතුව ඉස්සරහට යන එකයි වැදගත්. මොකද අද තියෙන අමාරුකම් හෙට දවසේ අපේ ශක්තිය වෙනවා.” ❤️

ඉතින් රසම රස වටලප්පම් කන්න ඉක්මනින්ම අපිට කතා කරන්න.
📲0771750495/ 0777453416

✍️D R Kitchen
Taste your curiosity ♥️

28/03/2026

ඔයා තව කෙනෙක් අතින් හදල තියෙන, ඒ කියන්නෙ handmade දෙයක් සල්ලි දීල ගන්නකොට ඔයා ඒ ගන්න දේට වඩා දෙයක් එතන තියෙනවා කියල ඔයා දැනගෙන හිටියද?

තව කෙනෙක්ගෙ පැය ගානක මහන්සියට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නෙ.

තව කෙනෙක්ගෙ දවස් ගානක් කැප කරපු නින්දට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නෙ.

තව කෙනෙක්ගෙ අසාර්ථකත්වයන් සීයකට විතර පස්සෙ තිබුනු සාර්ථකත්වයකට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නෙ.

තව කෙනෙක් ජීවිතේ ගොඩනගාගන්න කරන උත්සාහයට තමයි ඔයා ඒ වටිනාකමක් දෙන්නෙ.

ඉතින් මට හිතෙන විදියට ඔයා ඒ සල්ලි දීලා ගන්නෙ ඒ භාණ්ඩයම නෙමේ. ඒක හදපු කෙනාගෙ හදවතයි, එයාගෙ ආත්මයයි 🥹♥️

ඉතින් මෙච්චර කාලයකට අපෙන් එක පොඩි වටලප්පම් කප් එකක් හරි ගත්තු ඔයාලට ගොඩක් ස්තූතියි 🙏🏻♥️

D R Kitchen ♥️

#වටලප්පම්

Want your restaurant to be the top-listed Restaurant in Chilaw Town?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Chilaw Town