SOG Eye
17/02/2024
24/08/2023
දුක හිතෙන කතාවක් උදේම.... 😞😞😞😞
අවුරුදු ගණනාවක මහන්සිය එක රැයකින් මෙසේ නිමා වි ඇත.
ලෝක උරුම සිංහරාජ රක්ෂිත වනාන්තරයේ නැගෙන බැවුමේ, රක්වාන නෙලවත්ත කෝවිල අසල ගම්මානයට මායිම්ව ගිනි තබා විනාශකරන ලද වනාන්තර කොටසක් Rainforest Protectors of Sri Lanka වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැපවීමෙන් මෙරට සිටින තරුණ පාරිසර හිතෛෂී සගයන්ගේ සහාය ඇතිව වර්ෂ 2016 දී නැවත වනය ප්‍රතිස්ථාපනය කරමින් ජීවය ඇති කිරීමේ අරමුණ ඇතිව රුක් රෝපණය කිරීමේ කටයුතු සහ ස්වභාවික සත්කාර ආරම්භ කරන ලදී. එලෙස ආරම්භ කල ව්‍යාපෘතිය මගින් දෙස් විදෙස් බොහෝ පිරිසකගේ සහයෝගයෙන් දීර්ඝ කාලයක් පුරාවට පැල සිටුවමින් වනය ප්‍රතිස්ථාපනය කරමින් පැවතුනි.
එලෙස ක්‍රියාත්මක වූ වැඩසටන නිසාවෙන් සිටවූ පැල විශාල ප්‍රමාණයක් දලු දා වැඩෙමින් පැවති අතර තුර පාපතර කණ්ඩාමක් විසින් එම වනාන්නතර කොටසට ගිනි තබා පෙර දින එනම් අගෝස්තු 22 රෑ සියල්ල විනාශකර ඇත. දින, සතිගණන් අව්වේ වේලෙමින් වැස්සට තෙමෙමින් ලේ දහඩිය හෙලමින් නැවත රෝපණය කල වනාන්තරයට අද අත්ව ඇති ඉරනම නිසාවෙන් දැනෙන වේදනාව පරිසරයට ආදරය කරන අපිට මෙතරම් යැයි කිව නොහැකිය. කවුරුන් කුමන අරමුණකින් සිදු කලත් එහි විපාකයන් දැඩිව රටක් ලෝකයක් විදියට මිනිස්සු වන කාටත් විඳවන්න වෙයි
😞😞😞😞🥺🥺
Copied from :
Peshala Pasan Karunarathna
Rainforest Protectors of Sri Lanka
Click here to claim your Sponsored Listing.
Culinary Team
Attire
Contact the school
Telephone
Address
Badulla
90000