Salon Kokila Rajapaksha

Salon Kokila Rajapaksha

Share

28/06/2025

හලෝ කොන්ඩ කිරිල්ලියනේ මම hair care ගැන පොඩි විස්තරයක් ඔයලා එක්ක බෙදා ගන්න හිතුවා මගේ අත් දැකීම් එකතුකරල.
අපි ඉන්නෙ සමකාසන්න රටක නිසා අපේ කොන්ඩෙ හුගාක් පරිස්සමින් බලාගන්න ඕන මම පොඩි tips ටිකක් ඔයාල එක්ක share කරගන්නම්.සම වගේම තමා කොන්ඩෙත් අපි පරිස්සමෙන් ආදරෙන් බලා ගන්න ඕනෙ

1. මුලින්ම ඔයා හොයාගන්න ඕන ඔයාගෙ හිසකෙස් වර්ගය හා හිස්කබලේ වර්ගය

❤️හිසකෙස් වර්ග : straight , wavy , curly , coily
❤️හිසකෙස් වල texture එක: සිහින් කෙස් , මද්‍යම කෙස් , ඝන කෙස්
❤️හිස්කබලේ වර්ග : oily , dry , combination , sensitive

ඒ අනුව අපි ගැලපෙන product තෝරා භාවිතාකිරීම මගින් ලස්සන කොන්ඩයක් ලබා ගන්න පුලුවන්

2. තෙල් සම්බාහනය oil treatment ❤️

💧 තෙල් ආලේප කිරීම රුධිර සංසරණය වැඩි කරයි, කෙස්මුල් ශක්තිමත් කරයි සහ අකලට පැසීම වළක්වයි..❌තෙල් දිගු වේලාවක් හිසකෙස් වල හා හිස්කබලෙ තබා ගැනීමෙන් වලකින්න. පැයක් හෝ පැය දෙක තුනකට පසු හොදින් සෝද තෙල් ඉවත් කරගන්න.

මේ ස්වාභාවික තෙල් වර්ග හිසකෙස් වලට වඩාත් සුදුසුයි
💧පොල්තෙල්– hair moisturizing කරයි
💧තල තෙල් – කෙස් වැටීම අඩු කර කෙළවර පැලීම වළක්වයි
💧එඬරු තෙල් – හිසකෙස් වර්ධනය උත්තේජනය කර ඝන කරයි
💧කරපිංචා තෙල්– හිසකෙස් වැටීම වළක්වයි සහ මෙලනින් එකතු කරයි

3.ෂැම්පු කිරිම 👇
❌දිනපතා ෂැම්පු කිරීමෙන් වලකින්න හිසකෙස් වියලී වී ඉක්මනින් කැඩීයයි
💥සතියකට 2-3 වතාවක් සෝදන්න
මෘදු, සල්ෆේට් රහිත ෂැම්පු භාවිතා කරන්න
💥සිසිල් හෝ ඇල්මැරුණු ජලයෙන් සෝදන්න (උණු වතුර කේශ මුල්වලට හානි කරයි)

💥සෑම ෂැම්පු කිරීමකටම පසු, කන්ඩිෂනර් යොදන්න .හිස්කබලේ ගාන්න එපා හිසකෙස් වල පමනයි. 2 in 1 shampoo and conditioner මන් පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් නෙමෙයි .✋🥲පුලුවන් නම් හැමෝම වෙන වෙනම shampoo and conditioner use කරන්න.
💥සතියකට වරක් හෝ hair pack එකක් යෙදීම කොන්ඩෙට හුගාක් ප්‍රයෝජන ලැබෙන දෙයක්
❤️ කෝමාරිකා + මී පැණි + යෝගට්
❤️එක රැයකින් පොඟවා ගත් උලුහාල්+ පොල් කිරි සමඟ මිශ්‍ර කර භාවිතා කරන්නත් පුලුවන් මෙතනදි හුගක් සැලකිලිමත් වෙම්න ඕන තමන්ට පීනස තත්ව තියෙනවා නම් කෝමාරිකා බිත්තර වගේ දේවල් ඔලුවට දාද්දි

4. මෙතනදි මම ඔයාලට කියන්නම් hair mask වලට natural treatment වලට අපිට භාවිතා කරන්න පුලුවන් දේවල් සහ ඒවගෙ benefits

❤️පොල්තෙල් : හිසකෙස් වල දිලිසීම + ශක්තිමත් බව ඇති කරයි
❤️කරපිංචා : හිසකෙස් වර්ධනය + අළු , සුදු පැහැ ගැන්වීම වැළැක්වීම
❤️වද (හිබිස්කස්)මල් : ඝණ වීම + හිස්කබල සිසිල් කිරීම
❤️මී පැණි : හිසකෙස් වල සිනිඳු බව + moisturizer වීම
❤️යෝගට් : හිසකෙස් මෘදු කිරීම + හිසකෙස් ශක්තිමත් කිරීම
❤️මහදුරු (උළුහාල්) :හිසකෙස් වැටීම පාලනය+ හිසකෙස් වල ශක්තිය වැඩි කරයි

5. හිසකෙස් වැටීම? මෙම හේතු බලපායි
හිසකෙස් වැටීම සාමාන්‍ය දෙයකි, නමුත් අධික ලෙස හිසකෙස් ගැලවී යාම අනතුරු ඇඟවීමේ ලකුණකි

🔍 විය හැකි හේතු:

* ආතතිය / නින්ද නොමැතිකම
* විටමින් D හෝ යකඩ ඌනතාවය
* හෝමෝන අසමතුලිතතාවය
(PCOS,තයිරොයිඩ්)
* නුසුදුසු ආහාර වේලක් ගැනීම
* හිස්කබල ආසාදන

✳️දිනකට හිසකෙස් 100 කට වඩා අහිමි වුවහොත් රුධිර පරීක්ෂණයක් කරන්න.✋✋

6. අනිවාරෙන් හොද ආහාර වේලක් ගන්න
හිසකෙස් වර්ධනයට උපකාරී වන ආහාර:
*ගොටුකොළ,දොඩම්,කොමඩු,බිත්තර,පරිප්පු, කිරි,කුඩා මාලු,අලිගැට පේර, ඇට වර්ග
* ජලය– හොදට වතුර බොන්න

🌻🌻kokila🌻🌻

Photos from Salon Kokila Rajapaksha's post 23/01/2025

සමේ ඇතිවන පොදු ගැටලු කිහිපයකට විසදුම් 🌻🌻

Want your business to be the top-listed Beauty Salon in Ampara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

I D Q 18 Hell Road Inginiyagala
Ampara