Cyberwolf

Cyberwolf

Share

29/06/2023

நில உரிமைகள் இழப்பு
கண்ணகிகிராம மக்கள்

மூன்று தலைமுறைகள் தாங்கள் வசிக்கும் நிலத்திற்கு பட்டா இல்லாமல் 45 ஆண்டுகளுக்கு மேல் வாழ்வது வழக்கம். அம்பாறை மாவட்டத்தின் ஆலையடிவேம்பு பகுதியைச் சேர்ந்த கண்ணகி கிராம மக்கள் பல வருடங்களாக காணி உறுதிப்பத்திரம் இன்றி வாழ்ந்து வருவதாக கவலை தெரிவிக்கின்றனர்.
அது பற்றி விஜயராகவன் சுகிர்தகுமார் எழுப்பிய வினா.

மனிதனுடைய அடிப்படை தேவைகளாக உணவு உடை உறையுள் ஆகிய மூன்றும் கருதப்படுகின்றது. இவற்றில் ஒன்றை நாம் இழந்தாலும் வாழ்வியல் கேள்விக்குறியாக மாறிவிடும். அவ்வாறு இருக்கையில் 45 வருடங்களை தாண்டியும் மூன்று தலைமுறைகளை கடந்தும் தாம் வாழும் குடியிருப்புக்களின் நிலத்திற்கான உறுதிப்பத்திரம் இல்லாது வாழ்வதென்பது சாதாரண விடயமல்ல

உலகில் நாளுக்கு நாள் அதிகரித்துவரும் சனத்தொகைக்கீடாக குடியிருப்புக்களுடைய தொகைகளும் அதிகரித்து வருவதும் அவ்வாறான குடியிப்புக்களை அமைத்துக் கொள்வதில் எழும் சவால்களும் இதற்கு மேலாக கிராமங்களில் வாழும் மக்கள் எதிர்நோக்கும் சிக்கல்களும்; நாம் அறிந்த விடயமே.

அதே போன்று பல சவால்களுக்கு முகம் கொடுத்து 45 வருடங்களை தாண்டியும் தாம் பெற்றுக் கொண்ட வீட்டின் காணிகளுக்குரிய உறுதிப்பத்திரம் இல்லாது வாழும் மக்களின் நிலையினை சற்று நாம் சிந்திக்க வேண்டியுள்ளது.

இவ்வாறு பாதிப்புற்றிருக்கும் அம்பாரை மாவட்டம் ஆலையடிவேம்பு பிரதேசத்திற்குட்பட்ட கண்ணகிகிராம மக்கள் காலங்கள் பல கடந்தும் காணி உறுதிப்பத்திரம் இல்லாது வாழும்; தங்களது கவலையினை கொட்டித்தீர்த்தனர்.

நகர்ப்புறங்களிலும் அதேபோல் கிராமங்களிலும் பல்வேறு வீடமைப்பு தொகுதிகளை அமைத்து மக்கள் வாழ்வில் ஒளியேற்றி வரும் அரசாங்கங்களும் தங்கள் மீது ஏன் பார்வையை திருப்பவில்லை என்ற கேள்வியினையும் முன்வைத்துள்ளனர்.

1978ஆம் ஆண்டு பாராளுமன்ற உறுப்பினர் அமரர் கனகரெத்தினம் அவர்களால் குடியேற்றப்பட்டு உருவாக்கப்பட்டதே கண்ணகிகிராமம். அவ்வாறு குடியேற்றம் செய்யப்பட்ட மக்களுக்கு 247 வீடுகள் வீடமைப்பு அதிகார சபையால்; அக்காலத்தில் கட்டிக்கொடுக்கப்பட்டது.

இவ்வாறு அமைக்கப்பட்ட வீடொன்றிற்கு 18ஆயிரம் ரூபாவினை வீடமைப்பு அதிகார சபை செலவு செய்ததாகவும்; பகுதி அடிப்படையில் இப்பணம் மீளச்செலுத்;தப்படவேண்டும் எனவும் மக்களுடன் ஒப்பந்தம் செய்யப்பட்டது. அவ்வாறு குறித்த தொகையை மீளச் செலுத்தும் வரையில் காணிகளின் உறுதிகள் பிணையாக அதிகார சபையிடம் கையளிக்கப்படவும் இணக்கம் தெரிவிக்கப்பட்டது.

எனினும் முற்றிலும் வறுமை, மற்றும் யுத்தம் போன்றவற்றால் மிகவும் மோசமாக பாதிக்கப்பட்ட மக்களால் அத்தொகையை மீளச் செலுத்த முடியாமல் 45 வருடங்கள் கடந்துள்ளன. கடனைப் பெற்றவர்கள் சிலர் மரணமாகியும் சிலர் நம்பிக்கையின் அடிப்படையில் வீடு காணிகளை விற்றுவிட்டும் சென்றுள்ள நிலையில் ஒரு சில வீடுகளில்;; மாத்திரம் கடனை செலுத்தாதுள்ள குடும்பங்களின் மூன்றாவது தலைமுறை பிள்ளைகள் வாழ்ந்து வருகின்றனர்.

இதனால் தற்போது இங்கு வாழ்ந்துவரும் குடும்பங்களின் பிள்ளைகள் திருமணம் செய்கின்ற பொழுது சீதனமாக காணிகளை பங்கீடு செய்து வழங்க முடியாமலும், வங்கிகளில் கடன் பெறுதல் போன்ற காரியங்களை நிறைவேற்ற இயலாமல் உள்ளதாகவும் இங்கு வாழும் மக்கள் கவலை தெரிவிக்கின்றனர். மேலும் பல வீடுகள் முற்றாக சிதைவடைந்த நிலையிலும் சில வீடுகள் குடியிருக்க முடியாமல் வெடிப்புற்ற நிலையிலும் மக்கள் வெளியேறியுள்ளனர்.

இவ்வாறான சந்தர்ப்பத்திலேயே அதிகார சபை பெற்ற கடனை மொத்தமாக அனைவரும் செலுத்துமாறு கடந்த காலத்தில் உத்தரவிட்டுள்ளது. மீளச் செலுத்த முடியாத பட்சத்தில் காணிகளின் உறுதிகள் கையளிக்கப்படமாட்டாது எனவும் அறிவித்துள்ளது.

முற்றிலும் யுத்தத்தாலும் வறுமையாலும் பாதிக்கப்பட்ட இக்கிராம மக்கள் தாம் செலுத்த வேண்டிய பணத்தை மனிதாபிமானத்துடன் அரசாங்கம் நீக்கி தங்களுடைய காணிகளின் உறுதிகளை மீள வழங்க வேண்டும் என பணிவான கோரிக்கையினை முன் வைப்பதுடன் இது தொடர்புடையவர்களின் பார்வை தமது கிராமத்தின் மீது படவேண்டும் எனவும் கேட்டுக் கொள்கின்றனர்.

இது தொடர்பில் கருத்து வெளியிட்ட பிரதேச சபை உறுப்பினர் கிராம அபிவிருத்திச்சங்க தலைவரும் சமூக செயற்பாட்டாளருமான க.கோகுலன்

'முற்றிலும் யுத்தத்தாலும் வறுமையாலும் பாதிக்கப்பட்ட இக்கிராம மக்கள் மீது அரசாங்கம் கருணை காட்ட வேண்டும். பணம் செலுத்த முடியாமல் மூன்று தலைமுறைகளையும் கடந்துள்ள அவர்கள் செலுத்த வேண்டிய பணத்தை மனிதாபிமானத்துடன் நீக்கி அவர்களுடைய காணிகளின் உறுதிகளை மீள வழங்க வேண்டும் எனும் பணிவான கோரிக்கையினை முன் வைப்பதுடன் இது தொடர்புடையவர்களின் பார்வை தமது கிராமத்தின் மீது படவேண்டும்' என குறிப்பிடுகின்றார்.

மக்களின் நிலை பற்றி பிரதேச செயலாளர் வி.பபாகரன் கருத்து தெரிவிக்கையில்
'மக்களது நலன்களில்; கவனம் கொண்டுள்ளேன். மக்களால் வழங்கப்பட்ட கோரிக்கையினை வீடமைப்பு அதிகார சபைக்கு சமர்ப்பித்துள்ளேன். இருந்த போதும் வீடுகள் அமைந்திருக்கும் நில எல்லை தொடர்பில் ஆராயப்பட்டு அதன் பிற்பாடு தீர்மானங்கள் மேற்கொள்ளப்படவுள்ளன. ஆயினும் சிலருக்கு சகல நிலுவைகளும் செலுத்தப்பட்டால் மாத்திரமே காணிகளின் உறுதிகள் கையளிக்கப்படும் நிலையும் வரலாம் என வீடமைப்பு அதிகார சபையினர் கூறுகின்றனர்' என தெரிவிக்கின்றார்.

எது எவ்வாறாயினும் வீடமைப்பு உள்ளிட்ட மக்களின் நலன்களில் அதிக அக்கறை காட்டும் அரசாங்கமும் ஜனாதிபதியும் இவ்விடயத்தில் கவனம் செலுத்தி காணி உறுதி பத்திரங்களை மீட்டுக் கொடுத்து அவர்களது வாழ்வில் ஒளியேற்றுவர் எனும் நம்பிக்கையுடன் வாழ்கின்றனர் கண்ணகிகிராம மக்கள்.

29/06/2023

අපි වවනවා උන් කනවා!
වන සතුන්ටම සින්න වූ ගොවිබිම්

රටේ ජනගහනයෙන් 1/5කට බත සපයන දිගාමඩුල්ලේ, වර්ෂයේ අවසන් කාර්තුව ආරම්භ වන විට දක්නට ලැබෙන්නේ සුළු පරිමාණ ගෙවතු එළි පෙහෙළි කොට ගොඩ බෝග වගාවන් සඳහා බිම් සකස් කරන දසුන්ය. එක් පසකින් අක්කර දහස් ගණනක කෙත් වතු නිල්පැහැයෙන් බැබළෙද්දී අනෙක් පසින් සිය ගෙවතුවල එදිනෙදා පරිභෝජනයට අවැසි දේ වගා කර ගැනීම දිගාමඬුලු ගොවීන්ගේ පිළිවෙතය.

මේ නිසා රට තුළ කලින් කලට කිසියම් වසංතත තත්වයන් ඇති වුවද ග්‍රාමීය ජනතාවට ආහාර හිගයක් නම් ඇති නොවුණි. ඒ, ඔවුන් ගෙවත්තේ තම එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය අල බතල, පලා වර්ග, එළවළු වර්ග, පලතුරු වර්ග, මෙන්ම කොස්, පොල්, දෙල් වැනි බෝගයන්ද වගා කරගෙන තිබූ නිසාය.

දිගාමඩුල්ලේ පමණක් නොව රටේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල පැවතගෙන ආ මෙම ගෙවතු වගා සංස්කෘතිය අද වන විට සම්පූර්ණයෙන්ම වාගේ ක්ෂය වෙමින් පවතින බව අතිශයෝක්තියක් නොවේ.

වනබිම් ආක්‍රමණයේ ප්‍රතිඵල

කාලාන්තරයක් තිස්සේ අප රටේ වනාන්තර තුළ ජීවත් වූ වන සතුන්, විශේෂයෙන් වඳුරන්, රිලවුන්, ඌරන්, දඬුලේනුන්, මොනරුන් වැනි සතුන් රංචු පිටින් ගම් වැදී නිරන්තරයෙන් සිදු කරන වගා හානි මේ තත්වයට ප්‍රධාන හේතුවක් වී ඇති බව ක්ෂේත්‍රෙය්දී අපට හමු වූ ගෙවතු වගාවෙන් හෙම්බත් වී සිටි ඒ. ජී. මහින්ද ගොවි මහතා පැවසුවේය.

විවිධ සංවර්ධිත ව්‍යාපෘතිවල නාමයෙන් කැළෑ එළිපෙහෙළි කිරීම, වනාන්තර තුළ සෑම ගල් කන්දක්ම ගල් කොරියක් බවට පත් කිරීම, ඒ තුළ කාල නියමයක් නොමැතිව යන්ත්‍ර සූත්‍ර යොදා ගල් කැඩීම, ගල් වෙඩි දැමීම ආදී මිනිස් ක්‍රියාකාරකම් නිසා එකී වන සතුන් සිය වාසස්ථාන අතහැර ගම් වැදී ගම් තුළ වාසස්ථාන ඇති කරගෙන සිටින බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

රටක සංවර්ධනය සඳහා සංවර්ධන ව්‍යාපෘති යෝජනා අත්‍යාවශ්‍ය සාධකයකි. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටක ඉදිකිරීම් සඳහා කළු ගල්- වැලි- පස් අත්‍යාවශ්‍යය. එහෙත් මේවා සිදුවිය යුත්තේ පරිසරයේ සමතුලිත පැවැත්ම ආරක්ෂා වන පරිදි, යම් සීමාවන්ට යටත්වය.

මුළු ගොවිපළම විනාසයි!

“පසුගිය කොරෝනා කාලේ ගෙදරට කොටුවෙලා හිටපු නිසා අපි පර්චස් 16ක විතර කෑල්ලක එළවළු හැදුවා. හොඳට සාර්ථකව හැදුණා. ගෙඩි හැදෙන්න කියලා ඔන්න මෙන්න තියෙද්දි අපි ගෙදර නොහිටි දවසක කඩා වැදුණ වඳුරු රංචුවක් මුළු ගෙවත්තම විනාශ කරලා. කිසිම වැලක, ගහක එක කොළයක් තිබ්බෙ නෑ! තවත් නඩත්තු කරලා ගන්න පුළුවන් තත්වයක තිබුණෙත් නැහැ. ඒ නිසා අත්හැරලම දාන්න සිද්ධ වුණා. බීජ, පොහොරවලට ගිය වියදම් ගණන් හදල බැලුවොත් අපට අවුරුද්දක් විතර කඩෙන් එළවලු අරන් කන්න තිබ්බා. මේක මට විතරක් වෙච්ච දෙයක් නෙවේ. මුළු ගමේම තත්වය ඕකයි.” විශාල කලකිරීමකින් යුතුව ඒ අදහස් පළ කළේ හිඟුරාණේ ටෙක්ලා ලිලියන් මහත්මියයි.

“අඹ ගස්වල වාරෙකට ගෙඩි සිය ගණන් හැදෙනවා. ආසාවට එක ගෙඩියක් කන්න නැහැ. දුකක් නැහැ උන් කනවා නම්, ටිකක් හපලා බිම දානවා. තැඹිලි ගෙඩියක් බොන්න නැහැ සියලුම ගොබළු බීලා බිම දානවා. ඒකට දඬුලේන්නුත් හවුල්. රිලවු රංචු ආපු දවසට පොල්ගස් යට ගොබළු සිය ගණනක් එකතු කරන්න පුළුවන්.සමහර දවස් වලට ඒවා ෆොටෝ ගහලා පත්තරවලටත් දැම්මා. ඒත් ඒවා වගකිවයුත්තෝ දකිනවද@ ඔවුන්ට දැනෙනවද දන්නෙ නැහැ.” ඇය වැඩි දුරටත් අප සමඟ පැවසුවාය.

රතිඤ්ඥා- අහස්කූරු- කැටෆෝල්- වායුරයිපල් වැනි දේට එදා වඳුරෝ- රිලව් බිය වුවද අද ඒවා ඔවුන්ට කිසිදු බියක් නොදෙන සෙල්ලම් බඩු බවට පත්වී තිබේ. ඔවුන් එලවීමට යන කාන්තාවන්ට විරිත්තා- බිය වද්දා පසුපස පැන්නීමටද ඔවුහු දැන් දැන් පෙළඹී සිටිති.”

හානිකර ඝාතනයට ඉඩ දිය යුතුයි

“වගාවන්ට හානි කරන වන අලි හැර ඉතිරි සියලුම වන සතුන් මරා දමන්න ඕන. ඒ සඳහා අවසර හා පහසුකම් දෙන්න ඕන. උන් මැරුවා කියලා සම්පූර්ණයෙන් වඳ වෙන්නෙ නැහැ. මම පුංචි උදාහරණයක් කියන්නම්, මේ රටේ සීනි කර්මාන්ත ශාලා සඳහා උක් වගාව ආරම්භ වුණේ 60 දශකයේදී පමණ. ගල්ඔය සීනි කම්හල ඇති කළෙත් ඒ කාලේ. උක් වගාව අක්කර 12,500ක් විතර තිබුණා. ඒ කාලේ මේවා වල් ඌරන්ගේ රජ දහන්, දිනපතා 50-60 ඌරු රංචු අක්කර ගණන් වගාව හානි කරනවා. උක් පාත්ති විනාශ කරනවා. පස්සෙ පාලකයො ඒ කාලේ තුවක්කු මුරකරුවො කියල කොටසක් බඳවා ගත්තා. ඔවුන්ට තුවක්කු - පතුරම් දීලා රාත්‍රී මුරට යෙදෙවුවා. ඒ කාලේ මේ ප්‍රදේශය පුරාම වල් ඌරු මස් කඩ. ඉතාම ලාබෙට මස් තිබුණා. පිට පළාත් වලිනුත් හොයාගෙන ආවේ. අවුරුදු කීපයක් යනකොට වල් ඌරෙක් බේතකටවත් හොයා ගන්න නැහැ. අදටත් ගල්ඔය සීනි ආයතනයට වල් ඌරන්ගෙන් හානියක් නැහැ. දැන් තුවක්කු මුරකරුවොත් නැහැ. එහෙම නොකළා නම් මිනිස්සුන්ට වඩා වල් ඌරෝ වැඩි වෙන්න තිබුණා.” යැයි නම නොලියන ලෙස ඉල්ලා සිටිමින් විශ්‍රාමික කෘෂිකර්ම නිලධාරීවරයෙකු සඳහන් කළේය.

මෙසේ සිදුවන මේ වගා විනාශයට කිසියම් ආකාරයක ස්ථීර විසඳුමක් වන ජීවී දෙපාර්තමේන්තුවෙන් හෝ වෙනත් පාර්ශවයක් ඉදිරිපත් කර නැත. කලක් තිස්සේ විසඳුම් ඉල්ලා ජනතාව නඟන හඬ, වගකිව යුත්තෝ ‘නෑසු තත්ව’ ඉවසා වදාරති.

කාබාසිනියා වගා සංග්‍රාම!

එසේ වුවද පවතින රජය මෙන්ම පැවති පසුගිය රජයන්ද දැන දැනම අසාර්ථක ගෙවතු වගා සංග්‍රාමයන් සඳහා විවිධ ව්‍යාපෘති හඳුන්වා දෙමින් රුපියල් කෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කරයි. රජය වරින් වර ගෙවතු වගා සඳහා බීජ බෙදා දෙයි, අඹ- දොඩම්- පේර වැනි පලතුරු පැළ ලබා දෙයි. පලතුරු ගම්මාන ඇති කරයි. මේ සෑම වැඩ සටහනකින්ම මහජන මුදල් කෝටි ගණන් වැය කළා විනා ඉන් රටට-මහජනතාවට සිදු වූ ප්‍රයෝජනයක් සෙතක් වීද? මේවා පිළිබඳ පසු ඇගයීමක් - පසු විපරමක් කර තිබේද?

“පසුගිය යහපාලන ආණ්ඩු කාලයේ මටත් අඹ පැළ 35ක් ලැබුණා. මම JCB යන්ත්‍රයක් දාලා ප්‍රමිතියට වළවල් කපලා පොහොර දාලා හැදුවා. මෝටරය ළිඳට දාලා වතුර දැම්මා. සරුවට හැදුණා. නමුත් පස්සෙ කොළ වලට ලෙඩක් ආවා. කවුරුවත් බලන්න ආවේ නැහැ. ගස් එක දෙක මැරෙන්න ගත්තා. ගස් කිහිපයක ගෙඩි කිහිපයක් හැදුණත් අපට රස බලන්නවත් ලැබුණේ නැහැ. වඳුරො කාලා ගියා.” යැයි ඒ.ජී. සිරිසේන මහතා පැවසුවේය.

'ස්ථිර විසඳුමක් තවම නැහැ'

ගෙවතු වගාවට වන සතුන්ගෙන් වන හානි පිළිබඳව කාලයක් තිස්සේ අපිත් දැනුවත් වී සිටිනවා. පසුගිය කාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලදිත් සාකච්ඡාවෙලා විවිධ තීරණ, යෝජනා වගකිවයුතු අංශවලට දන්වා යවා තිබෙනවා. නමුත් තවමත් සාර්ථක විසඳුමක් ලැබිලා නැහැ. ගෙවතු වගා හානිය බෙහෙවින් සිදුවන දමන කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම්, ඊ.එම්.එස්. කුමාරී මහත්මිය පැවසුවාය.

අම්පාර සහකාර වනජීවී අධ්‍යක්ෂ ප්‍රශාන්ත විමලදාස මහතා සඳහන් කළේ මෙවන් අදහසකි.

“ඔය ප්‍රශ්නෙ අම්පාරට- නැගෙනහිර පළාතට විතරක් තියන ප්‍රශ්නයක් නෙවේ. මේ වන විට මුළු රට පුරාම තියන ප්‍රශ්නයක්- තවම ස්ථීර විසදුමක් නැහැ. දැනට තියන විසඳුම තමයි, ලොකු යකඩ කූඩු හදලා ඒවට මේ සත්තු කූඩු කරලා කූඩු පිටින් අරන් ගිහින් ගම්වලින් ඈත වනාන්තරවලට ගෙනිහින් දාන එක. මේක අපි පසුගිය කාලයේ ස්ථීරවම කතරගම සිදු කළා, යම් යම් අනුග්‍රහයන් ලබාගෙන. නමුත් අද රටේ පවතින ආර්ථික තත්ත්වය මත අපට ප්‍රතිපාදන වෙන් වෙලා නැහැ. කූඩු හදන්න විශාල මුදලක් දරන්න වෙලා තියනවා. ඒ නිසා ඒකත් මේ කාලේ කරන්න අමාරු වෙලා තියෙනවා. වෙනත් විකල්පයක් තවම නැහැ.”

- අම්පාර රවින්ද්‍ර මැදගෙදර

Want your public figure to be the top-listed Public Figure in Ampara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Ampara
Ampara