CMO Unit Pitabeddara
07/05/2026
පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සමාජ සේවා ඒකකය සහ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ඒකකය එක්ව දෑරංගල වැඩිහිටි සමිති ප්‍රජාවට සහ වැඩිහිටි නිවාසයෙ වැඩිහිටියන් වෙනුවෙන් සිදු කරන ලද බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සායනය.
30/04/2026
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන කැකුළු පුබුදුවමු නව ලොව සුරකිමු ව්‍යාපෘතිය යටතේ පිටබැද්දර සෙනෙහස පෙර පාසලේ දරුවන්ගේ දෙමාපියන් වෙනුවෙන් සිදු කරන ලද දේශනය.
මෙහිදී කෘතිම ආහාර, ආහාර පැකට් වල තිබෙන ට්‍රැෆික් ලයිට් ලේබලය, පෝෂණ වගුව තෙරුම් ගන්නා ආකාරය පැහැදිලි කරදීම, E/INS අංක, ආනයනික පළතුරු වල ඇති PLU codes, ප්ලාස්ටික් වර්ගීකරණය ආදී කරුණු පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන ලදි.
31/03/2026
සිසු සුව සුරකිමු ව්‍යාපෘතියට අදාලව වැලිව බෞද්ධ මහ විද්‍යාලයේ සිසුන් ආයුර්වේදයේ දැක්වෙන සද්වෘත හා දින චර්‍යා පිළිබඳ දැනුවත් කිරීම. මේ සඳහා සහයෝගය දැක්වූ එම විද්‍යාලයේ විදුහල්පති ස්වාමීන් වහන්ස ඇතුළු ගුරුමණ්ඩලයට විශේෂ ස්තුතිය.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Akuressa