Spoon Diaries

Spoon Diaries

Share

20/06/2026

මේ පළතුර මොකක්ද….?කියමු බලන්න…🥰 දොඩම් නෙවෙයි…

20/06/2026

සති අන්තයට මෙහෙම හොඳයි නේද?😍

Seafood ෆ්‍රයිඩ් රයිස්, Vegetable චොප්සි, චිලි පේස්ට්, බිත්තර බැදලා තව…ස්වීට් චිලී ගාලික් සෝස්.

ඔයාලනම් දැන් දවල්ට කාලත් ඇති.
අපිට දැන් වෙලාව දවල් 12යි.
ඉතින් බත් එක හිතින් රසවිඳින්න එහෙනම් 🥰

20/06/2026

කැඳ එකේ සුදු පාට මොනවද පේනවද..? පාස්ලි කැඳ බොන එක පුරුද්දට ගියාම මෙහෙම තමයි…දැන් ගොඩාක් අය පාස්ලි කැඳ හදනවා දැක්කම මට හරිම සතුටුයි. රොකට් කොළ වලිනුත් කැඳ හදලා බලන්නකෝ..තිත්ත රසට කැමති අයට බෙහොම හොඳයි….💚🌿

ආදරණීය යාලුවෝ හැමෝටම විවේකී සති අන්තයක් වේවා..!!🧡💚❤️



#කොළකැඳ

19/06/2026

බත් ඉතුරු කරලා Air fryer දාලා වේලලා කුඩු කරලා සීනි කැරමල් කරලා ඒකටම පොල් ලුණු ගම්ම්රිස් ටිකක් දාලා හදපු රස ගුලි ටිකක් තමා මේ.10ට වඩා හැදුවා.පින්තූරෙ ගන්න 4ක් අමාරුවෙන් ඉතුරු කර ගත්තා😆
කහට එකකට තමා හොඳම.

මහා ලොකු දෙයක් නොවුනට මට මේවා එක්ක ආදරණීය මතක තියෙනවා…ඒවා ඉතින් ගෙදරින් ඈත ඉන්නකොට ගොඩක් මතක් වෙනවා..🥹😍
ඔයාලටත් එහෙම රස මතක තියෙනවාද?🥰

Air fryer දාලා අග්ගලා හදන්න මම ඉගෙන ගත්තේ Cooked_by_INDI අක්කගේ page එකේ දැකලා. අක්කටත් ස්තුතියි හොඳේ ❤️❤️


#අග්ගලා

19/06/2026

මේක නම් පොඩ්ඩෝ වුනත් තෝරනවා හොඳේ…😁
කෑම පිටුවට අදාළයි….
එහෙනම් කියමු බලන්න…🥰


#තේරවිලි
#සතියේතේරවිල්ල

19/06/2026

මැල්ලුම් හදද්දි කොළ පාට රැක ගන්නේ කොහොමද කියමුද?
මම නම් කොළ වර්ග හීනියට කපලා ලූනු,අමු මිරිස්,ලුනු, පොල් එක්ක කලවම් කරලා යන්තම් තෙලට දාලා ගොඩාක් වෙලා මලවන්නේ නැතුව ලිපෙන් අයින් කරනවා. අන්තිමට දෙහි දානවා. බීට් තියෙනවා නිසා ගෙදර ලොකු පොඩි හැමෝම සතුටින් ඉතින් 😁

මෙනු එක :

🔸 චිකන් මිරිසට
🔸 පරිප්පු කිරට
🔸 ගෝවා කොළ මැල්ලුම්
🔸 බීට් සලාද

19/06/2026

සිකුරාදාට පුතාට Sweets වර්ග එකක් ඉස්කෝලෙට ගෙනියන්න පුලුවන් දවස. ඉතින් එයා කැමති විදිහට උදේටත් කෑමට Nutella ගාපු පාන් ඉල්ලුවා. තව කෙසෙලුත් තියෙනවා. හැබැයි මෙහෙ ළමයින්ට නට්ස් වර්ග allergies තියෙන නිසා Nutella දාපු කෑම ඉස්කෝලේ ගෙනියන්න බැහැ. ඉතින් පුතා ගොඩාක් වෙලාවට පළතුරු,එළවලු වර්ග තමයි ඉස්කෝලේ ගෙනියන්නේ. දවල්ට hot meal කියලා කෑම lunch bag කියන ආයතනය හරහා ලබා දෙන නිසා හරිම ලේසියි. ඒ විස්තර දවසක අරන් එන්නම්.

එහෙනම් සුභම සුභ දවසක් වේවා!!🤎💛💚

18/06/2026

ඔයාලා පින් වීල් රිබන් සැන්ඩ්විච් හදලා තියෙනවද?නැත්තම් පළවෙනි comment එකේ තියෙන ලින්ක් එකට ගිහින් වීඩියෝව බලන්නකෝ….🥰කලින් හිටපු යාලුවෝ නම් දැකලා ඇති. දැකලා නැති යාලුවෝ බලන්න…🥰

18/06/2026

මහන්සියට හොඳම දේ පෑන් කේක් එකක් කාලා කහට එකක් බොන එක නේද..?😍 මේ දවස් වල හරිම කාර්යබහුල නිසා හිතට සතුටු මට්ටමටම කෑම හදන්න වගේම පින්තූර ගන්න අමාරුයි…☺️
කෝ බලන්න පෑන් කේක් කන්න ආස ළමයි ටික..?
අපේ නම් සුදු පුතා තමා ආසම…😍

18/06/2026

KFC chicken වගේ ඔයාලත් chicken ගෙදර හදනවද?😍

මම නම් චිකන් සෝදලා අරන් ඒකට ලුණු, ගම්මිරිස්, මිරිස්කුඩු, දෙහි ඉස්ම ටිකක්, සෝයා සෝස් ටිකක් දාලා මැරිනේට් වෙන්න විනාඩි 15ක් වගේ තියලා ඒකට ගසාගත්ත බිත්තරයක් දානවා. පස්සේ පාන් පිටි,කෝන් පිටි,කහ,පාන් කුඩු එකට මිශ්‍ර කරලා චිකන් කෑල්ල කෑල්ල වෙනම අරන් ඒකේ දවටලා ගැඹුරු තෙලේ බැදලා ගන්නවා.ඒ වගේම නැතත් ළඟින් යන එකක් එනවා. ඔයාලා කොහොමද හදන්නේ?නැත්නම් KFC එකෙන්ම කනවද?

පින්තූරය ගෙදර සාදන KFC චිකන් වල නොවන බව සලකන්න.

Want your public figure to be the top-listed Public Figure in Kildare?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kildare