Shehani In Finland

Shehani In Finland

Share

23/05/2026

අම්මගෙ රෙසපිය..

මන් පොඩි කාලෙ ඉදන්ම මගෙ ආසම කෑම වලින් එකක් තමයි පැස්ටා / මැකරෝනි කියන්නෙ, ඒකත් මන් ආසම අපෙ අම්මා හදන පැස්ටා එක කන්න.. ඒකට ගහන්න පැස්ටා එකක් මට නෑ ඉතින්, දැන් අපි ලොකු වෙලා , රට ඇවිත් එක එක ක්‍රමයට, මිල අදිකම දේවල් දාලා ,රෙසිපි බල බල හැදුවට අදටත් මට ආසම අම්මගෙ පැස්ටා එක කන්නයි.. අපෙ අම්මටම ආවේනික සුවදක් තියනවා කෑම වල, ඒකෙන් එන සුවද මට තාමත් ඒක ගන්න බෑ.. අම්මගෙ රස ලගින් ගියත් ඒ රසම ගන්න ඉතින් ලංකාවටම යන්න ඕන.. මේ ලෝකෙ රසම කෑම අම්මගෙ කෑම.. ඉස්සර අනිවාරෙන් පිගන් දෙක තුනක් කකුල් දෙකත් උඩ දාන් කනවා ගෙදර ඉස්සරහ ඉදගෙන..

Photos from Shehani In Finland's post 22/03/2026

අපි දෙන්නා ජීවිතේ පලවෙනි වතාවට කේබල් කාර් 🚠 වලින් ගියා හිම වලින් වැහුනු කදු බලන්න පොලොව මට්ටමින් අඩි ගානක් උඩට.. මේ Austria 🇦🇹 වල Bregenz කියන City එකේ Pfänder කියන තැන.. ඔය පේන්නෙ Alps කදුවැටි.. 🏔️

අපි අපේ ජීවිතේ හරිම පුංචි තැනින් පටන් ගත්ත දෙන්නෙක්.. ඉතින් චුට්ට චුට්ට ජීවිතේ ලස්සනම දේවල් විදින්න අපි පටන් ගත්තා.. අපි හිතුවටත් වඩා ඉක්මනින්… 👩‍❤️‍👨👣

ඉතින් ඔයාලත් දවසක යනකම් අපිත් එක්ක අපේ අත්දැකීම් බෙදාගමු…
අලුත් දේවල් බලන්න මාව Follow කරලා තියාගන්න ලමායි..🫶🏻

Website