Knowledge Academy
02/25/2026
යුරෝපයේ හුදෙකලා වූ බෞද්ධ රාජ්‍යය.
කල්මික් ජනයා යනු සිය ජාතික ආගම ලෙස බුදු දහම අදහන යුරෝපයේ එකම ජන කොට්ඨාසයයි. ඔවුන් ජීවත් වන්නේ රුසියානු සමූහාණ්ඩුවේ යටත් රාජ්‍යයක් වන කල්මිකියාව තුළ ය. මෙහි දේශසීමා සැලකූ විට, දකුණින් දාගෙස්ථානයත්, නිරිතදිගින් ස්ටැව්රොපොල් ක්‍රේ ද, බටහිරින් රොස්ටොව් ඔබ්ලෑස්ට් ද, වයඹදිගින් වොල්ගෝග්‍රැඩ් ඔබ්ලෑස්ට් සහ නැගෙනහිරින් ඇස්ට්‍රඛාන් ඔබ්ලෑස්ට් යන ප්‍රදේශ පිහිටයි. කල්මිකියාව ගිනිකොනදිගින් කැස්පියන් මුහුදට මායිම් වේ.
කල්මික්වරුන් 17වන සියවසේ මුල් කාලයේ යුරෝපය වෙත සංක්‍රමණය වූ ඔයිරට්වරුන්ගෙන් පැවත එන්නන් ය. ටිබෙට් බෞද්ධයන් වන කල්මික්වරුන් සිය අධ්‍යාත්මික නායකයා ලෙස සලකනු ලබන්නේ දලයි ලාමා ය. කල්මික්වරුන්ගේ සාජින් ලාමා (ශ්‍රේෂ්ඨ ලාමා) ලෙස සැලකෙන්නේ එර්ඩ්නේ ඔම්බැඩිකොව් ය. ඔහු ෆිලඩෙල්‍ෆියාවේ උපක් කල්මිකියානු සම්භවයක් ඇත්තකු වන අතර, ඔහු සත්වන වියේ දී ඉන්දියාවේ ටිබෙට් ආරාමයක දී බෞද්ධ භික්ෂුවක බවට පත්වී ඇත. දලයි ලාමා විසින් ඔහුව හඳුන්වුන ලබන්නේ බෞද්ධ ශාන්තුවරයකු වූ ටෙලෝ රින්පොචේගේ පුනරුත්පත්තියක් ලෙසයි. ඔම්බැඩිකොව් සිය දිවිය කොලරාඩෝවේ සහ කල්මිකියාවේ ජීවත් වෙමින් ගත කරයි.
02/25/2026
Visit TikTok to discover videos! Watch, follow, and discover more trending content.
02/24/2026
ඔබ මේ දකින ඇන්ඩ්‍රොමීඩා ගැලක්සිය (Andromeda galaxy) දෙස අද බැලුවහොත් , ඔබ එය දකින්නේ වසර මිලියන 2.5කට පෙර තිබූ ආකාරයෙන් ය.පුදුමයි..එත් ඇත්තයි..
゚viralシfypシ゚
02/23/2026
මේ මල කුමක් ද.?
Epiphyllum oxypetalum යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම මල ඉංග්‍රීසි ව්‍යවහාරයේදී “ඕලන්ද මිනිසාගේ පයිප්පය” සහ “රාත්‍රියේ රැජින” යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වනු ලබයි.මෙම මල පතොක් කුලයට අයත් ශාකයක් වන අතර වෙනත් රටවල බහුල වශයෙන් වගා කරනු ලබන මල් වර්ගයකි. රාත්‍රී පතොක් ශාකය ලෙස ඇතැම් විට හඳුන්වනු ලැබුවද මෙය පතොක් ශාකවල ලක්ෂණ බහුලව නොපෙන්වයි. කෙසේ නමුත් පතොක් කුලයට අයත් අනෙකුත් ශාක මෙන්ම මෙහිද මල් හට ගන්නේ රාත්‍රියට පමණි.
මද්‍යම ඇමෙරිකාව මෙහි ජන්ම භුමියයි. මෙම මල් වර්ගය දුර්ලභ වන අතර එක රාත්‍රියකදී පිපී එම රාත්‍රිය අවසන් වීමත් සමග පරවී යයි.
චීන ජනවහරේදී මෙම මල විශේෂ පුද්ගලයන් හැඳින්වීම සඳහා යොදාගනී. එනම්, සිත් ගන්නා සුළු නමුත් ඉතා සුළු කාලයක් කීර්තිමත්ව සිටින පුද්ගලයන් හැඳින්වීම සඳහා මෙම මලේ නම යොදාගනී. මේ මල පිපීම සඳහා විශාල කාලයක් ගන්නා නමුත් එක රැයෙන් පරවී යන නිසාය. මේ මලට ජපන් වැසියන්ගෙන්ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔවුන් මෙය මල “සඳ කුමරිය” ලෙස හඳුන්වයි.
මෙම ශාකය යුරෝපීයයන් ඇමෙරි කාව සොයා ගැනීමෙන් පසු ලෝකයේ ප්‍රචලිතව ගිය එකක් බැවින් අපේ සාහිත්‍යයේ හා බෞද්ධ සූත්‍ර වල සඳහන් වන මේ මල් වෙනයම් එකක්විය යුතුය. කොසොල් රජ තුමා හා බුදුන් වහන් සේ අතර ඇතිවූ සංවාදයක සඳහන් වන්නේ මේ මල් ඇත්තේ නාග ලෝකයේ බවයි.
මේ මල කුමක් ද..?
ලංකාවට ගෙනා මුල්ම ගුවන්යානය මොකක්ද ?
මුල්ම ගුවන්යානය ගුවන්ගත නොකලේ ඇයි ?
ලංකාවේ මුල්ම ගුවන් අනතුර මොකක්ද ?
ලංකාවේ මුල්ම ගුවන් තොටුපළ කුමක්ද ?
ලංකාවේ මුල්ම ගුවන් ගමන දන්නවා ද ?
ලංකාවේ මුල්ම ගුවන් සේවය කුමක්ද ?
ඒ කාලේ ගූවන් යානයක් අහසට නග්ගන එක විශ්මයට කාරණයක්.1911 ගෙනාපු ගුවන් යානය ඉස්සෙල්ලම කලේ මිනිස්සුන්ට පෙන්නපු එක.නිකන් නෙමෙයි ටිකට් අරගෙනයි බලන්න ගියේ.ඒ උනාට පළමුවෙන්ම ගුවන් ගතකළේ ඊට පස්සෙ ගෙනා ගුවන් යානයක් .අපි කියන්න යන්නෙ ඒ කතාවයි....
ඉතිහාසය මුල සිට අගටම....
Follow Knowledge Academy
゚viralシ
දන්නවාද කොම්පැනි වීදිය කොම්පඤ්ඤවිදිය උන හැටි ??
කොම්පඤ්ඤවීදියේ පිහිටීම ද ඇත්තේ වෙනම ආකාරයකට ය. එහි වඩාත් කතාබහ කළ යුතු ස්ථානය වන්නේ කොම්පඤ්ඤ වීදිය හන්දියයි. මේ ස්ථානය වැදගත් වන්නේ පාරවල් හයක් එකට සම්බන්ධ වන ස්ථානයක් නිසාය.
එය ඉතා දුර්ලභ ආකාරයෙන් කෙමෙන් ගොඩනැඟුණකි. ඒ මෙසේය, කොමර්ෂල් බැංකුව ඉදිරිපිටින් හන්දියට සම්බන්ධ වන යුනියන් පෙදෙස, ගංගාරාම පන්සල දෙස සිට පැමිණෙන සර් ජේම්ස් පීරිස් මාවත, දුම්රිය පොළ දිශාවෙන් පැමිණ ආවේ මරියා දේවස්ථානය ඉදිරිපසින් එකතුවන ජස්ටිස් අක්බාර් මාවත, නිපොන් හෝටලය ඉදිරිපිටින් බෝගස සමඟම හන්දියට එක්වන කුමරන් රත්නම් පාර ප්‍රධාන පාර ලෙස දැක්විය හැකිය.
ඒ අතරම නිපොන් හෝටලයේ බෝ ගස අසලින් ඇතුළට ඇති පාර කිවි පාර වන අතර සර් ජේම්ස් පීරිස් මාවත එක්වන තැනින් හන්දියට අනෙක්පසින් එක් වන්නේ වෑකන්ද පාරයි. පාරවල් හයක් වැනි ප්‍රමාණයකින් යුත් මෙවන් හන්දියක් ලංකාවේ කවර දිශාවකින් හෝ සොයා ගන්නට ඇත්නම් එය බෙහෙවින් සූරකමකි.
දන්නවද ලංකාවට කවදා ද පළමු දුම්රිය ගෙනාවේ?
අගුරැ කකා වතුර බිබී කොළඹ දිව්ව යකඩ යකාගේ ඉතිහාසය.
කෙටියෙන් ! පැහැදිලිව....
02/11/2026
කොසොල් රජු දුටු සිහින දහසය බෞද්ධ කථා වෘතාන්තයකී.
පත්තිනි පුරාණය දේව කථා වෘතාන්තයකී.
සිහින පිළිබඳව රජ කථා, ගැමි කථා, ජන කථා ආදියද වේ..
තවත් මෙවැනි සිහින පලාඵල සහා ඔබ දුටු සිහිනයන්හි තේරුම දැන ගන්න Senadeera Uncle පිටුව Follow කර කමෙන්ට් කරන්න..
゚viralシfypシ゚
1 ශ්‍රී 1 Number Plate එක කාගේද ?
2026 දී අපේ ලංකාවේ මුළු රථවාහන ප්‍රමාණය මිලියන 9 වැඩී...
ලංකාවේ මුල්ම වාහනය ගෙනාවේ කවදාද ?
මුල්ම අංක තහඩුව ( Number Plate) එක මොකක්ද ?
Number Plate නිසා අපේ අගමැතිවරයාගේ වාහනට තාර පවා ගෑවා...
මේ සියල්ල ගැන අපි කතා කරමු....
゚viralシfypシ゚
02/10/2026
මට වෙච්ච දේ !!!
අපි,අපගේ අතීත උරැමයන් ගැන කොයි තරම් කතා කරත් අපි ජීවත්වන වර්ථමාන කාලයේ ඉතා වේගයෙන් වර්ධනය වන නූතන තාක්ෂණය පාවිච්චි නොකරම බෑ !!! අතීත කතන්දර කියන්න වෙන්නෙත් මේ නූතන තාක්ෂණික කතන්දරය හරහා තමයි...
ඒ හරහා යනවිට මට වෙච්ච දේ තමයි මේ....
゚viralシfypシ゚
Click here to claim your Sponsored Listing.
Category
Address
M3J2V1