Back to Ceylon
13/10/2023
කෑම පෙට්ටි
ඒ කාලෙ අපේ ආච්චිල සීයලා එයාලගෙ කෑම ගෙදරම හදා ගත්තා. ගෙදර කොටුවෙන් වවපු එළවලු වලින් වස විස නැතිව සෞඛ්‍ය සම්පන්නව සමබලව හදපු ඒ කෑමවලින් කිසිම ලෙඩක් හැදුනෙ නෑ.
ඒත් අද අපි ගොඩක් කන්නෙ කඩ කෑම, ක්ෂණික කෑම, කෘතිම කෑම. ඒ හින්දම ගොඩක් වෙලාවට අපට එක එක විදිහෙ ලෙඩ.
ඉතින් අපි අපේ කෑම ගෙදරම හදන්න ගත්‍තනම් අපිට තියන ගොඩක් ප්‍රශ්න විසදා ගන්න පුලුවන් වෙයි.
එකක් අපිට සෞඛ්‍ය සම්පන්න සමබල කෑම වේලක් හදාගන්න පුලුවන්. අනික ඒක හොඳ විනෝදාංශයක්. අපි උයපු කෑම වල ලස්සන බලල සතුටු වෙන්න පුලුවන්, අනිත් අය රස විදින හැටි බලල සතුටු වෙන්න පුලුවන්. අපිටත් රස බලල සතුටු වෙන්න පුලුවන්. ලෙඩ අඩු කර ගන්න පුලුවන්.අපේ අවශ්‍යතාව ආසාව අනුව කෑම වේල වෙනස් කර ගන්න පුලුවන්.
අද මම ඔයාලට පෙන්නන්නෙ කඩ කෑම වලට පොඩ්ඩක් වත් කැමති නැති, දේශීය කෑම වලට විතරක්ම කැමති back to ceylon පොඩ්ඩගෙ ඉස්කෝලෙට ගෙනියන්න හදපු උදේ සහ දවල් කෑම පෙට්ට්. වෙලාව අඩු හින්ද දේශීය දේවල් වලට නවීන කෑම ටිකකුත් එකතු කරල තියනව.
හැම photo එකක් යටම ඔයලට කෑම පෙට්ට් වල මොනවාද තියෙන්නේ කියල බලා ගන්න ඕනනම් විස්තර තියනව.
කෑම පෙට්ටි වල පොදු ලක්ෂණ
1. බත් අඩුවෙන්, එළවලු වැඩියෙන්
2.වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක්
3. ශරීරයට ගුණ දායක කහ සහ කුලු බඩු වැඩියෙන්, ලුණු සහ මිරිස් අඩුවෙන්
4. පොඩ්ඩන්ට තෙල් ඕන නිසා තෙල් ප්‍රමාණයකුත් තියනවා.
5. ශරීරයට ඉතාමත් ගුණ පොල් තෙල් සහ පොල් කිරි වලි පමණක් පිසූ එළවලු
6. එළවලු ගොඩක් වරණය වෙනස් නොවන ලෙස අඩුවෙන් උයල තම්බල
7. තන්තු වැඩි රතු බත්
8.උදේ කෑම එක පලතුරක් සහ කාබෝහයිඩ්‍රේට් අඩන්ගු ආහාරයක්,පොඩ්ඩ පැණි රස කෑමට පොඩ්ඩක් වත් ආස නැති නිසා අධික පැණි රස කිසිම දෙයක් නෑ
ආයෙත් දවසක කෑම පෙට්ට් අරන් back to ceylon ඔයාලව හම්බෙන්න එන්නම්....